10/17/2016

Creation of world, divine theory and eternal happiness ලෝකය මැවීම , දේව වාදය සහ සදාකාලික සැනසුම

Posted by with 2 comments
 






සතියකට වරක් මා සේවය කරන ස්ථානයට පැමිණෙන චාම් යුවතියකිගෙන් කිතුණු සගරාවක් මා හට නොමිලේ ලැබෙයි. මා හට පිලිගන්වන යමක් නොවටනා දෙයක් වුවත්, හුදෙක් පිලිගැන්වීම අගය කල යුතු බැවින් මම එය ස්තූති පුර්වකව බාර ගනිමි. මාගේ වැඩට බාදා නොවන පරිදි එම සගරාවේ කතු වැකිය ගැන මාගේ අදහස දැන ගැනීමටද යම් විටෙක ඇය උත්සුක වන අවස්ථා නැත්තේ නොවේ.

එවන් අවස්ථාවන්හී මා දෙන පිලිතුරු අනුව මම දැඩි භෞතික වාදියෙක් බව ඇය දැනටමත් වටහාගෙන සිටින බව මම දනිමි. නමුත් මා පවසන කිසියම් විද්‍යාත්මක කරුණක් සටහන් කර ගන්නා ඇය ඊට අදාල වූ ලිපියක් පල වු තවත් සගරාවක් මා හමුවට නැවත පැමිණෙන විට රැගෙන ඒමටද අමතක නොකරයි.

ලෝකය දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලදැයි යන කිතුණු සංකල්පය ලෝකයෙන් ප්‍රතික්ශේප වි වසර සිය ගණනක් වුවද අදද එකි සංකල්පය කිතුණු දහම තුල ඉගැන්වේ; එය පිලගැන්මට ලක්වේ. පරිණාමය වැනි නුතන සංකල්ප පිලිනොගන්නා හෝමෝ සේපියන්ලා අප අතර තවමත් ජීවත් වන බව දිකින කල, ලෝකය මවන ලද සංකල්පය කිතු දහමේ තවමත් පැවැත්ම හා එය පිලිගැනීම ගැන පුදුම විය යුතුද නැත. අනෙක් අතට නුතන විද්‍යාවේ ගමන් මගට සරිලන පරිදි ස්ව-ආගමික කරුණූ කලින් කලට උච්චාවචනය කරමින් “අර විද්‍යාත්මක සොයාගැනීම අප ආගම තුලද ගැබිව ඇතැයිද එබැවින් නුතන විද්‍යාව හා ගමන් කරන එකම ආගම අප සතු“ යැයි පවසන ආගමකට වඩා කිතු ආගම තුල අවංක බවක් සහ එඩිතර කමක් ඇතැයි මට හැගේ.

කෙසේ වුවද ලෝකය මැවීම මම පිලි නොගන්නා බව මම ඇයට පැවසීමි. ඇත්ත වශයෙන්ම මම එය පිලි නොගන්නවාට වඩා මට එය සිතන්නට ඉඩ නොදෙයි. එය හරියට මුහුදු වෙරලක මිනිස් පා සලකුණු දැක දැකත් එහි ගමන් කර ඇත්තේ අලියෙක් යැයි සිතන්නට තැත් කරනවා වැන්නකි.  

තවද ලෝකය සහ මිනිසා දේව නිර්මාණයක් වූවානම්, ආධුනික චිත්‍ර ශිල්පියකු විසින් මෝනාලිසා වැනි නිර්මාණයක් කිරීමට උත්සහ කිරීමට මම එය සමාන කරමි. මක් නිසාද යත් ලෝකය සහ මිනිසා සර්වසම්පුර්ණ නිර්මාණයක් ලෙස පවසනවාට වඩා අඩුපාඩු සහිත එවගේම තව බොහෝ දියුණු වියයුතු සහ  තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින නිර්මාණයක් ලෙස මම දකිමි. ලෝකයක් මැවීමට හැකියාව ඇත්තෙකු මෙතරම් දුර්වලතා අඩුපාඩු සහිතව එම නිර්මාණය කලානම් එය ආධුනිකයෙකුගේම නිර්මාණයකි.

 මිනිසා ගතහොත් ඔහු තුල වැඩි දියුණු විය යුතු දේ  කොතෙක් නම් ඇතිදැයි බලන්න. මිනිස් සිරුර දිනපතා පිරිසිදු කල යුතු වීමම පමණක් එම නිර්මණයේ දුබල බව පෙනවනවා දෙනවා  නොවේද. මිනිසාට අනවශ්‍ය අංග (අනවශ්‍ය රෝම, වැඩෙන නියපොතු, පිරිමි තනපුඩු) කොතරම් ඔහු තුල අඩංගු කර ඇත්ද.

මගේ අදහස අසා සිටි කිතුණු යුවතිය එයට කදිම පිලිතුරක් දුන්නාය. ඇත්ත වශයෙන්ම දෙවියන් විසින් ආදම් සහ ඒව නිර්මාණය කලේ සර්වසම්පුර්ණ ලෙස බවත් අද වන විට (ඇත්තෙන්ම ආදම් සහ ඒව සිට ඉදිරියට) මිනිසා දූෂණය වීමට හේතුව මිනිසා තුලට සාතන් පැමිණීම බවත් , නැවතත් එකි සර්වසම්පුර්ණත්වයට යැමට නම් අප සාතන් ගෙන් මිදී දෙවියන් වෙතට යායුතු බවත් ඇය මා හට  පැහැදිලි කලාය.

මෙහිදි මට තවත් පැණයක් ඇසිමට අවැසි විය. ගෘහනිර්මාණ ශිල්පියෙකු උස ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කරයි නම් එම ගොඩනැගිල්ලට සරිලන ශක්තියකින් යුතු බිම් සැලැස්මක් නිර්මාණය කිරිම ඔහුගේ වගකීමයි. කිසියම් විදිහකින් දෙවන මහල ගොඩනැගීමට අසන්නයේ පවතිද්දී මුළු ගොඩනැගිල්ලම කඩා වැටේ නම් එය ඔහුගේ දුර්වලතාවය නොවන්නනේද. ඉදිකිරිමෙන් වසර ගනනකට පසු කඩා වැටේනම් අවම වශයෙන් ඔහුට යම් සාමාවක් ඇත. ඒ ඔහුගේ දුර්වලතාවයට වඩා ඊට තවත් හේතු තිබිය හැකි බැවිනි.

එලෙසින්ම දෙවියන් වහන්සේ මෙතරම් විශාල ලොකයක් නිර්මාණට කලේ ආදම් සහ ඒව දෙදෙනාට පමණක් වන්නට බැරිය. ඔවුනට ලිංගික අවයවද මවා තිබෙන බැවින් දෙවියන් වහන්සේගේ නිර්මාණය මිනිසා මෙම ලෝකය තුල චිරාත් කාලයක් ජීවත් කරවීමේ පුර්ව සැලැස්මක් බව මොනවට පැහැදිලිය  . එවැනි දිර්ඝ කාලීන සැලසුමක් ආදම් සහ ඒව නැමැති පලමු පරම්පරාව තුලම අසාර්ථක වීම සහ කො‍හේවත් සිටි සාතන් පැමිණ එදා සිට අද දක්වා එම ලෝකයේ පාලනය අතට ගැනිම සදහා වගකීම බාර ගත යුත්තේ කවුද. කිසිදු පුර්ව අත්දැකීමක් නොමැති ආදම් සහ ඒවද, නැතිනම් සර්ව බලධාරී දෙවියන් වහන්සේද. මගේ අදහස නම් එහි වගකීම දෙවියන් වහන්සේ බාර ගත යුතු බවයි.

මෙය මගේ පුද්ගලික අදහස වුවද එය මා හිතවත් කිතුණු යුවතියට එලෙසින්ම පැවසීම එතරම් සුදුසු නොවන බව සිතුණු බැවින් මම මුනිවත රැකිමි. නමුත් මම දේව වාදය පිලිනොගන්නා බව නම් ඇයට හැගෙන්නට ඉඩ හැරීමි.
 Image source: lpsmythologywiki.wikispaces.com
  ***********************************************************




මෙහිදී කිතු දහමේ තවත් කරුණක් මතකයට නැගේ. එනම් විදවීම සහ දේව සහනයයි.


අද වන විට “SUFFER” විදවීම නැමති සංසිද්ධියද කිතුණු දහම තුල ප්‍රබලව සාකච්ඡාවට බදුන් වන්නකි. මිනිසාට විදවිමෙන් සහනයක් ලබා ගැණීමට දෙවියන් සිය ජීවිතයට සමිප කර ගන්නා ලෙස එහි සදහන් වෙයි. විදවීම යනු සියලුම මිනිසුනට එක්වර ආමන්ත්‍රණය කල හැකි ප්‍රබල වදනකි. ඒ නොවිදවනා මිනිසකු මෙලොව නොමැති බැවිණි. විදවීම මිනිසා හා එතරම් බැදී පවති.

සෑම තප්පරයක් තුලම අප සතු නොවන යමක් අහිමි වීම පිලිබද අපි විදවනු ලබයි. නිවසක් නොමැති අයකු ඒ වෙනුවෙන් විදවන විට නිවසක් ඇත්තා එය තව නවින නිවසකට සමාන කල නොහැකිව විදවයි. නවිනතම නිවසක් ඇත්තාද එහි සියල්ල ඇතත් සතුට හෝ සමගිය නොමැති බව සිතමින් විදවයි. මිනිසුන් ආමන්ත්‍රණය කිරීමට විදවීම ප්‍රබල සංසිද්ධියක් වන්නේ එබැවිනි. කිතුණු දහම පවසන පරිදි විදවීම අවසන් කර ස්ථීර සතුටක් මිනිසා ට ලබා ගත හැකිද. එසේ වුවහොත් ලොකයේ සමතුලිතාවය බිදි යනු ඇත. සමාජය ඉදිරියට යැම නවතිනු ඇත.  

විදවීම ලෝකය ඉදිරියට තල්ලු කරන  විභවය කි. සමාජය වාහනයක් නම් විදවීම එහි රෝද සතරයි. මොහොතකට සිතන්න. කුඩා සිල්ලර ව්‍යාපාරිකයෙකු දුක් විදමින් එය දියුනු කිරිමට වෙහෙසෙන්නනේ ඔහු විදවන බැවිනි. ඔහුට සතුට ලබා ගැනිම සදහා සිය ව්‍යාපාරය දියුණු විය යුතුය. උදැසනම සිය ව්‍යාපාරය ආරම්භ කර මධ්‍යම රාත්‍රිය තෙක් ඔහු විදවන්නේ ඒ සදහාය. ඔහුට සදාකාලික සතුට ක්ෂණීකව ලැබේනම් හෙට දින ඔහු සිය ව්‍යාපාරය විවෘත නොකරනු ඇත. ඔහු සිය නිවසට වී සතුටින් කල් ගත කරනු ඇත. එවිට එහුගේ ව්‍යාපාරයේ සේවය ලබා ගන්නන්ට කුමක් සිදුවනු ඇත්ද.  සියල්ලන්ටම සදාකාලික සතුට ලැබෙනම් හෙට දින උදෑසන කිසිවකු සේවයට නොපැමිනෙන පොදු සේවා, අත්‍යාවශ්‍ය සේවා සියල්ල ඇණහිටි සමාජයම එක තැන නතර වූ  උදෑසනක් වන විට එය කොතරම් සුන්දර වනු ඇත්ද?
 Image source: google pic






හැගීම් - දැනීම්

2 comments:

  1. ප්‍රතිචාර වලදි ඔබතුමා මුහුණදෙන නිහඩතාවය ලංකාවේදි අපි හැමෝම අත් විදින එකක්. ඒක ආගම් වාදය තුලින් ප්‍රචන්ඩත්වය යනවා කියන හැගිම නිසා නිහඩව ඉන්න බුදුන් කියා දෙන මැදුම් පිලිවෙත අනුගමනය කිරිමක් වගේත් වෙනවා නේද..

    ඒත් බුදුන් වහන්සේ ධර්ම ප්‍රචාරණයට ගොඩක් කැමති වුවා නොවේද.. මුලුමහත් ඉන්දියාවම පුරා පයින්ම වැ‍ඩම කලේ ඒ කාරණාව සපුරන්න නොවේද...

    ඊළග පාර ඔබතුමා බුදු දහම ගැන පොතක් පිරිනමන්න... ඇයට ඒ ගැන සාකච්ඡාවට ආරාධනය කරන්න...

    මැවුම් වාදය ගැන පානදුරා වාදයෙන් ගොඩක් කරුණු කාරනා ගන්න පුලුවන් නිසා ඒක මතක් කරගන්න...

    පරිනාමවාදය ඇත්ත නං වදුරෝ තාම ඉන්නෙ කොහොමද කියලා දැං ආසියාවෙ පල්ලි වලින් එහෙම මතයක් හදලා තියනවා. (අපි මිනිස්සුන්ගෙන් පැවත එන්නේ අපි වදුරෝ නෙමෙයි කියලා දැන් ඔවුන් විහිලුවට වගේ කියනවා)

    පරිනාමය වේගය වෙනස් වෙන්න පුලුවන්ය කියලා කියලා දෙන්න තරම් ඔවුන් එය අවබෝධ කර ගනීවි යැයි හිතන්න බැහැ.

    එක් එක් සත්ව රාජධානි තුල සමාන ස්වරූපි සත්වයන් මිනිසා වදුරා මෙන්ම ශාක කුලයන් වල සමාන ස්වරුපි ශාකයන් තියනවා කියලා තේරුම් ගන්න තරම් මොලයක් ඔවුනට තියනවා කියලා හිතන්න බැහැ නේද..

    මා වෙනුවෙන් හැකිනම් මෙම ප්‍රශ්නය ඇයට යොමු කරන්න...

    පරිනාමය බොරුයැයි හිතමු.. එහෙත් දේව මැවිමට අනුව ආදම් හා‍ ඒවගෙන් පසුව පරම්පරාව (2-3 පරම්පරාවන් හා ඉදිරිය‍ට) ගෙන යැමට දෙවියන්ගේ හෝ බයියලයේ තිබෙන පහසුකම...


    ප. ලි.
    වර්තමානයේ බටහිර විවාහයට කලින් ලේ පරික්ෂාව මගින් දේව වාදය ප්‍රතික්ෂේප වන බවද?

    ReplyDelete