10/17/2016

Difference between believing and understanding of religion ධර්මය අවබෝධය සහ විශ්වාස කිරීම

Posted by with No comments

Here you go with few comments  quoted by the following gossip site which I thought worth explaining    

නවක ටෙලි නාට්‍ය නිළි කවීෂා අයේෂානී හදිසි අනතුරකින් මියයයි
http://www.gossiplankanews.com/2016/10/kaweesha-ayeshani-dies.html



future long life · First of all sorry for her premature death! May be she was drunk, too tired, high speed, not experienced driver etc
She died because of the car accident, of course our body cannot withstand these forces which will damage the body parts, so with damaged parts body can’t function so in simple she died. Nothing to do with karma or sansaraya, as we always say.
In the future(next 10-25years) thanks to high technology created by physicists, mathematician’s engineers, such as nanotechnology, artificial intelligence, auto driving vehicles, robots, bionic and biological body parts, people will live much longer, and not only that the couples can design their babies as they wish using genetic engineering! Cancer, tumours, all will be out of the dictionary. Before arguing with me on these comments please google the net and find out what I am saying is true or false.

So I don’t know where karmaya will fit in?

අනාගතය.'s avatar
අනාගතය. · මෝඩ කතා කියන්න එපා.අපි කොහොම කොච්චර විද්‍යාව දියුණුයි කිවුවත් මිනිසාගේ ආයුශ වැඩිවෙලා තියනවද?ලොකයට අලුතෙන් බෝ නොවන රෝග එන්න එන්නම එකතු වෙනවා.පිලිකාවක් ගැන අහලාවත් නොතිබුන ජනතාව දැන් ශරිරයම පිලිකාවකට ගොදුරු කරගෙන.අපි ලෙඩකට බොන බෙහෙතම ආපහු අපිට අලුත් රෝග ඇති කරනවා.උදාහරණය ඕනෙ තරම් තියනවා.එ නිසා ශබ්ද කොශයට අලුත් ලෙඩවල නම් එකතු වෙනවා මිස අඩු වෙන්නේ නැහැ .තාක්ෂණය එක්ක නව නිපදවීම් එනවා.ඒත් එක්කම අපිට නොදැනෙන පිරිහිමක් මිනිස්සු එක්කම එනවා.අපේ පරම්පරාවෙන් පරම්පරාවට ආයුශ අඩු වෙන එක අපේ පරම්පරා වලින්ම අපිට පේනවා.
neutralizer's avatar
neutralizer · let me ask u a counter question .. why all the people in the universe didn't end up like this ? any elaboration ? have you ever heard about causes and effects ? dude every effect has it's cause ( may be several causes ) and every cause has it's effect , and according to the buddihism there are 2 different types of causes
1.nearest causes ( u have already explained )
2.remote causes

karma is a kind of energy. karma can act as both nearest and remote , if u wanna argue about these things according to science ...ok i am ready... let me elaborate further... modern quantum physics say's we all are connected and nothing is solid and everything is energy ( still modern sceince couldn't able to figure out what happens after death and how lives begins in the womb , therefor modern science is still an infant baby ) so if you read 'suvisi pattana' in buddhism . samma sambdurajanan vahanse explained how everything is connected which we are experiencing in this world according to the law of cause and effect , 1 st step is causes and suffixes , 2 nd ,,2,,3rd ,, so on.... so what else u wanna know?

01.  So with damaged parts body can’t function so in simple she died...

නිවැරදියි, මිනිස් සිරුරේ පැවැත්ම තියෙන්නේ විවිධ අවයව වල සමායෝජනය මත. එක් වැදගත් අවයවයක අඩපන වීම මත සම්පුර්ණ සිරුරේම ක්‍රියාකාරිත්වය අදල් වෙන්න පුළුවන්. ( වකුගඩුව මුත්‍රාශය වැනි ) නමුත් ඇස ප්‍රජනන පද්ධතිය වෙනස්. මෙම අවස්ථාවේනම් මිය යමට හේතුව නම් අවසාන වශයෙන් මොලයට හානි වීම හෝ මොලයට අවශ්‍ය ඔක්සිජන් නොලැබී මොලයේ ස්නායු මිය යාම වෙන්න ඕන.


02. So I don’t know where karmaya will fit in?  

නිවැරදියි, කර්මය වෙනුවෙන් පෙනී සිටින අයට මම හිතන්නේ නැහැ ගැඹුරින් මෙය පැහැදිලි කල හැකියි කියල. බලමු අපි කව්රුහරි පෙනී සිටියිද කියල.

03. Why all the people in the universe didn't end up like this ?  

ඇයි හැමෝම මේ විදිහට මිය නොයන්නේ කියන එකනම් බොළද ප්‍රශ්නයක් කියලයි මට හිතෙන්නේ. මොකද එකක් තමයි හැමොටම මෙහෙම මැරෙන්න ඕනි නම් කිසි ප්‍රශ්නයක් නැතිව තමන්ගේ රථය ගහක හප්පා ගෙන මැරෙන්න පුළුවන්. ඔය ඕනි තරම් මැරෙන්න ඕන අය තමන්ට ඕන විදිහට සිය දිවි හානි කර ගන්නේ.

නමුත් මෙතන අහන්නේ රිය පදවන සියල්ලන් ම අනතුරු වලට ලක් නොවන්නේ ඇයි කියලනම්  ඒකට කියන්න ඕන අර කියන හේතුව සහ ඵලය තමයි. නමුත් ඒ "බෞතිකාවාදී"  හේතුපලවාදය මිසක් බුද්ධාගමේ කියන පරිදි  ගුප්ත හේතුපලවාදය නොවෙයි. බුද්ධ ධර්මයේ හේතුවට පලයක් ලෙස කර්මය යොදා ගන්නවා නේද?  නමුත් බෞතිකාවාදී  හේතුපලවාදය තුල කර්මය කියන ගුප්ත වචනය නැහැ . හේතුවත්  පලයත්  පදාර්ථය හෝ ශක්තියයි
  
04. karma is a kind of energy. karma can act as both nearest and remote , if u wanna argue about these things according to science



අපි කර්මය ගැන කතාකරමු. කර්මයටද මෑත  කාලිනව සහ දිගු කාලිනව ක්‍රියාත්මක විය හැකි බව පැවසෙයි. කර්මය ශක්තියක් ද? බුදු දහම අනුව මාලයක මුතු ඇමිණී ඇති පරිදි එකිනෙක හා බැදී ඇත්තේ සිතුවිලි පමණි.එක සිතුවිල්ලක ස්වබාවය අනුව ඊ ලග සිතු විල්ල පහල වෙයි. ඊලග සිතුවිල්ල පහල වීමට බලපාන්නේ කලින් සිතුවිල්ලයි. නිර්වාණයෙන් සසර අවසන් කිරීමට පදනමද එයමයි. 

එසේ නම් කර්මය ඒ ඒ පුද්ගලයා ගේ සිතුවිලි හා සමාන්තරව ගමන් කරනවා ද? එක පුද්ගලයකු කරනු ලබන හොද නරක අනුව , එපමණක් නොව පසුගිය  අත්මයන්හී කරනු ලැබූ සියලුම හොඳ නරක වෙන වෙනමද  රැගෙන යාමටනම් මෙම කියන කර්මය නමැති ශක්තියට  විශාල කැපැසිටියක් (bandwith) තිබිය යුතුය.
තවද  කර්මය  ක්‍රියාත්මක වීමට නම් එසේ ගමන් කිරීමම ප්‍රමාණවත් වන්නේ නැත. ක්‍රියාත්මක වන අවස්ථාව තීරණය විය යුතුය.  එපමණක් නොව ඒ සදහා තවත් සජීවී පුද්ගලයන් සහබාගී කර ගත යුතුය. අජීවී බෞතික ද්‍රව්‍ය යොදා ගත යුතුය. මක්නිසාද කර්මයක් පල දෙන්නේ තවත් ජීවී හා අජීවී දෑ යොදාගනිමිනි.
ජීවී පුද්ගලයන් හෝ සතුන් යොදා ගැනීමේදී එම ජීවීන් අදාලව පවතින  ඔය කියන කර්ම ශක්තිය හා සම්බන්ද වී ක්‍රියාත්මක වීමට ද අවශ්‍ය වනු ඇත. එවිට, එම සහබාගී කර ගත් ජීවීන්ගේ කර්මය සංස්කරණය (වෙනස්) වීමට ලක් වනවා නොවේද. 

අජීවී ද්‍රව්‍යන්හි සහයෝගය ලබා ගන්නේ කෙසේද. ( ගසක් කඩ වැටීම වැනි ) එසේනම් කර්මය නමැති මෙම ගුප්ත  ශක්තියට මහා බලයක් තිබිය යුතුය. 

මෙය පැහැදිලි කල නොහැකි බැවිනි  කර්ම වර්ග කීපයක් බාවිතයට පැමිණ ඇත්තේ. (එය පසුව දර්මයට එකතු වුවක් බව මගේ අදහසයි) කෙසේ වුවද කර්ම කීපයක් ඇතිනම් සහ ඒ සියල්ල අද ක්‍රියාත්මක වන්නේනම් ඒවායේ බල පැවැත්ම සංසන්දනාත්මකව පෙන්වා දිය යුතුය. එවිට කර්ම  නියාමයේ බලපරාක්‍රමය කොතරම් දැයි එලිවනු ඇත.


image source shutterstock.com




හැගීම් - දැනීම්

0 ප්‍රතිචාර:

Post a Comment