12/19/2016

Professor Nalin De Silva with answer to mindless world

Posted by with No comments



මනසින් තොරව ලෝකයක්  පවතින බව මනසින් තොරව ඔප්පු කරන්න.

උපකල්පනය : ලෝකය යනුවෙන් ආචාර්ය නලින් ද සිල්වා අදහස් කරන්නෙ සමස්ථ  විශ්වයයි

මෙය එතුමාගේම තර්කයෙන් නිශ්ක්‍රිය කල හැක. ඒ කෙසේද යත්...

මනසින් තොර ලෝකයක් පවතින බව  අභියෝගයට ලක් කිරීමට නම්  පලමුව මනසින් තොර ලෝකයක් නැතිය යන ස්ථාවරයේ සිටිය යුතුය.

එවිට
ලෝකය නිර්මානය වන්නේ මනස තුලය,
මනසට පෙර ලෝකයක් පැවතියේ නොවේ,
ලෝකය නිර්මානය වන්නේ මනස නිර්මානයෙන් අනතුරුවය යන කාරනා ඉන් ගම්‍යය වෙයි.

එසේනම් ලෝකයක් නොමැතිව මනසක් පමනක් පැවති අවදියක් තිබිය යුතුය.

මනසක් නම් ඒ තුල සිතුවිලි  නිර්මානය විය යුතුය. සිතුවිලි වලින් තොර මනසක් පැවතිය හැකි නොවේ.

සිතුවිලි යනු මනස තුල ලෝකය ප්‍රතිනිර්මානය වීමයි. ලෝකය හෙවත් විශ්වය පදනම් නොවු එකුදු හෝ සිතුවිල්ලක් නම් කල නොහැක. (හැකිනම් නම් කරන්න)

එසේනම් ලෝකයක් නොමැතිව සිතුවිල්ලක් පහල වීමට අවස්තාවක් නැත.

ඒනයින් බලන කල ලෝකය යනු මනසට පෙරාතුව සිට  පැවත එන්නක් බව පිලිගැනීමට සිදු වෙයි
හැගීම් - දැනීම්

0 ප්‍රතිචාර:

Post a Comment