1/01/2017

අද වන විට මිනිසා කොතරම් දියුණු වී ඇති දැයි ඔබ සිතන්නේද

Posted by with 1 comment
මිනිසා යනු මෙලොව බිහි වූ බුද්ධීමත්ම සත්ත්වයායවෙන අන් කිසිදු සත්ත්වයකුට  නොමැති ලක්ෂණ කීපයක් ඔහු සතුය.

කතා කිරීමඒ හරහා එකිනෙක අතර තොරතුරු හුවමාරු කර ගැනීමබාෂාව භාවිතා කිරීම සහ ඒ සදහා සංකේත බාවිත කිරීම එපමණක් නොව,
අන් අය මෙතෙක් ලබා ගත් දැනුම මෙම බාෂාව නමැති මෙවලම හරහා ඉතා සීග්‍රයෙන් ග්‍රහණය කර ගෙන එතැන් සිට ඉදිරියට තමා විසින් දැනුම ලබා ගැනීම ඒ අතර වෙයි.

ඔහුට අන් සතුනට සාපේක්ෂව විශාල මොලයක් හිමියසියලු පංචේන්ද්‍ර ඉන්ද්‍රියන් වෙන් වෙන්ව නොව )එකට ගත් කල එහි බාවිතය අන් කිසිදු සත්වයකුට සම කල නොහැක.

ඔහු තම සිත ක්‍රියා කරන්නේ කෙසේද යන්න එම සිතින්ම වටහා ගැනීමට උත්සහ කරයිපරිනාමිය ක්‍රියාවලිය රසායනාගාර තුල අත්  බලයි.

මේ වන විට දැනුම අතින් ඉතා ඉහල ස්ථානයක මිනිසා සිටින බව ඔහු සිතයි (ඔබ සිතයි).

ඔබ එසේ සිතන්නේ ඇයි .

අද ඔබ භාවිතා කරන පරිගණකයස්මාර්ට් දුරකථනයරුපවාහිනියදියුණු බෙහෙත් වර්ගහා අනෙකුත් තාක්ෂණිකව දියුණු මෙවලම් දෙස බලද්දී වසර සියයකට හෝ පන්සියයකට පෙර සිටි මිනිසාට සාපේක්ෂව ඔබ එසේ සිතීම සාදාරණය.

නමුත් ඔබ සිටින්නේ මිට වසර සියයකට පෙර සිටි මිනිසාටත් වඩා පසු පසින් බව මම පවසමි.


අද දින මිනිසා දියුණු වී ඇතඑය සත්‍යයකිනමුත් ඔහු දියුණු වී ඇත්තේ මිනිස් සමුහයක් ලෙස විනා තනි පුද්ගලයන් ලෙස නොවේ.

වෛද්‍යවරයෙක් රෝගියාට ප්‍රතිකාර කිරිමට දියුණු වී ඇතනමුත් ඔහුට බෙහෙත් නිෂ්පාදනය කල හැකිදශල්‍ය උපකරණයක් ඔහුටම සදා ගත හැකිද.

පරිගණක ඉන්ජිනේරුවෙකුට පරිගණක භාෂාවක් භාවිතා කර යම් නිර්මාණයක් කල හැකියනමුත් ඊට අවශ්‍ය පරිගණක භාෂාවක් නිර්මාණය කිරීම ඔහුටම කල හැකිදඔහුට අවශ්‍ය පරිගණකයක් ඔහුටම නිර්මාණය කර ගත හැකිදඒ සදහා අවශ්‍ය පරිගණක චිපයක් ඔහුටම සදා ගත හැකිද.

අනෙක් අතටබලන කල අප නොසලකා හරින නමුත් අප වෙනුවෙන් භාවිතා වන තාක්ෂණයන් කොතරම් ඔබ අවට ඇති ඔබ සිත බලා  තිබේද.. ඉන්දන නිෂ්පාදනය වී ඔබේ නගරයට පැමිණෙන තෙක් පසුකරන තාක්ෂණික ක්‍රියාවලිය ගැන ඔබ සිතා බලා ඇත්දවාහනයකට යොදන ලිහිසි තෙල් පිටුපස ඇති තාක්ෂණික ක්‍රියා වලිය ගැන ඔබ සිතා තිබේදඔබ මිලට ගන්නා ආහාර වල ඇති රස කාරක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ඒ පිටුපස ඇති පාලන විදි ගැන ඔබ සිතා බලා ඇත්දදුම්රිය රියදුරු විසින් බාවිතා කල යුතු නියමයන් මොනවාදැයි ඔබ දන්නවදවාහනයක් ආලෝක සඥා දෙසට ලගා වන විට සංවේදී වීමට යොදා ගන්නා  සරල තාක්ෂනය කි දෙනෙක් දන්නේද.

එම තාක්ෂනයන් ඔබ නොදැන සිටීම මෙතෙක් ගැටළුවක් නොවුයේ ඒ පිළිබද වෙහෙසීමට වෙනත් පුද්ගල කණ්ඩායමක් සිටි නිසායඔවුන් ඒ පිළිබද දැනුවත්ව සිටිනා අතරතුර ඔබ ඔබේ රැකියාවට අදාළ දැනුමෙන් පොහොසත්ව සිටියේයඅප අන්‍යොනය වශයෙන් එකිනෙක හා යැපුණි

නමුත් යම් විදිහකින් හෙට දින ඔබ කැලයක අතරමං වූයේනම් වියලි කොටු කැබලි දෙකක් යොදා ගින්දර අවුළුවා ගැනීමට ඔබට කොතරම් වෙහෙසක් දැරීමට සිදුවනු ඇතැයි ඔබ සිතන්නේද.

මිනිසුන් කිහිප දෙනෙක් පමණක් වෙනත් ග්‍රහ ලෝකයකට රැගෙන ගියා යයි සිතන්නඔවුන් මනසින් දියුණු බව සත්යකිගුවන් යානයක්රොකට්ටුවක්පරිගනකයක්දුරකතනයක් නිර්මාණය කල හැකි බව ඔවුන් දනීනමුත් විදුලිය උපද්දවා ගැනීම සදහා ලෝහ කැබැල්ලක් සහ චුම්බකයක කැබැල්ලක් සාදා ගැනීමට එම කණ්ඩායමට කොතරම් කාලයක් ගත වේදඒ මගින් විදුලි බල්බයක් නිර්මාණය කර ආලෝකය ලබා ගැනීමට සමහර විට පරම්පරා ගණනාවක් ගත වනු ඇත.

සත්‍ය එයයිඅප සියල්ලන්ම එකට එකතු වූ කල අප සතු ඉතා කුඩා දැනුම් කාණ්ඩයන් එකට සමායෝජනය වීම තුල මිනිසා සතු විශිෂ්ට දැනුම සම්බාරය පෙන්නුම් කලදඅප වෙන් වෙන්ව ගත් කල මිට වසර සියයකට පෙර සිටි ස්වාදින මිනිසාටත් වඩා ඔබ දැනුමෙන් පරාදීන වී ඇති බව ඔබ පිලි ගන්නවාද?

Artist's impression by S. Plailly/E. Daynes/SPL
හැගීම් - දැනීම්

1 comment: