12/13/2017

ඔබට අනාගතය කලින් දැකීමට අදිසි බලයක් ලැබුනද ඉන් ඔබට කල හැකි දෙයක් නොමැති බව ඔබ දන්නවාද? You can see the future in advance but you can not change it.

Posted by with 2 comments



අනාගතය හෝ අතීතය යනු සංකල්පයක් පමණක් බවත් ඇත්තේ "වර්තමානය" පමණක්ය යන්න යථාර්තය වුවද, ඔබ එයට එකග නොවන බව මම දනිමි.
නමුත් ඔබ අනාගතය සහ වර්තමානය ලෙස නම් කරනු ලබන ඕනෑම සිතුවිල්ලක් ඇත්ත වශයෙන්ම වර්තමානය තුල  ඔබේ මනස තුල නිර්මාණය වන සිතුවිලි බවත් , එහි අතීතයක් හෝ අනාගතයක් නොමැති බවත් , හොදින් කල්පනා කරන විට ඔබට අවබෝධ වනු ඇත.

කෙසේ වුවද මෙම ලිපියේ අරමුණ වෙනතකි.

අපි අනාගතය යනුවෙන් ඇත්ත  වශයෙන්ම පවතින්නක් ලෙස උපකල්පනය කරමු. දෙවනුව එම අ නා ගතය තුල ඉදිරියට  ගමන් කර අනාගතයේ සිදුවන දෑ කලින්ම දැනගැනීමට විශේෂ බලයක් ඔබට ලැබුණා යයි ද උපකල්පනය කරමු.

එසේ බලයක් ලැබුණු කල ඔබට කල නොහැක්කේ මොනවාද, ඔබට මෙලොව ඕනෑම දෙයක් කල හැකි වනු ඇතැයි ඔබ සිතනු ඇත.

නමුත් ඔබ වැරදිය. අනාගතය දන ගැනීමේ බලයක් නොමැතිව ජිවත් වන සාමාන්‍ය මිනිසෙකුකුට  වඩා විශේෂයෙන් කල හැකි කිසිවක් ඔබ සතු නොවනු ඇත.

එය තේරුම් ගන්නා ඔබ, එකී ඔබ ලද විශේෂ බලය, ස්වේච්චාවෙන්ම අතහැර දැමීමට තීරණය නොකලොත් මම පුදුම වෙමි. මක් නිසාද යත් අනාගතයේ සිදුවන දේ පිළිබද දනුවත්ම සිටිමින්,  එහි කිසිවක් ඔබට රිසි පරිදි වෙනස් කිරීමට නොහැකිව ලතවිමට සිදු වීම ඔබටම මානසික පිඩාවක් වන බැවිනි.

එසේ වන්නේ ඇයි

A සහ B ලෙස පුද්ගලයන් දෙදෙනෙක් සිටි.A ට අනාගත කලින් දැකීමේ ශක්තියක් ඇති අතර B ට එවැනි හැකියාවක් නොමැත.

එසේනම් අනාගතය දැකිමට ශක්තිය සහිත A ට එකී ශක්තිය යොදා ගනිමින් B ට  වඩා කල හැකි දෙයක් ඇත්දැයි දැන් විමසා බලමු.

හෙට නොව අනිද්දා ට  දිනුම්  අදින ලොතරැය්යක් මිලට ගෙන දෙදෙනාටම උවමනා පලමු දිනුම ලබා කෝටිපතියෙකු වීමයි.

ඔබ සහ මම ලෙසම B කියන පුද්ගලයාද කරනුයේ ඔහු මනාප අංක සහිත ලොතරැයියක් මිලට ගෙන දිනුම්  අදින අවස්ථාව තෙක් බල සිටීම පමණි.
නමුත් A ගේ පසුබිම වෙනස්ය. ඔහුට අනාගත කලින් දැකිමේ හැකියාව පවති. ඒ අනුව ඔහුට පලමු ත්‍යාගය ලෙහෙසියෙන්ම  ලබා ගත හැකියැයි අපිට සිතේ.

A සිය ශක්තිය පලමු ත්‍යාගය ලබා ගැනීම සදහා යොදා ගන්නේ කෙසේ දැයි අපි බලමු.
ලොතරැයි අංක තීරණය කිරිමට පලමු ඔහු දිනුම් අංක දැනගත යුතුය. ඒ සදහ ඔහු අනාගතයට (එනම් අනිද්දාට) ගමන් කල යුතු වෙයි.
ඔහු තමා සතු ශක්තියෙන් ක්ශණිකව අනිද්දා දිනුම් අදින අවස්ථාවට ගමන් කරයි.
දැන් ඔහු දිනුම් අදින අවස්ථාව නරබා අංක සටහන් කර ගනී. අනතුරුව නැවත වර්ථමානයට පැමිණෙයි.

දැන් A පුද්ගලයා ලොතරැයි අංක දනී. ඒ අනුව පසු දින ඔහු දිනුම් අංක සහිත ලොතරැය්යක් මිලට ගනු ඇත .ගැටලුව නිර්මාණය වන්නේ මෙතැනදීය. A ට එසේ ලොතරැයියක්  මිලට ගැනිමට අවකාශයක් තිබේද කියා විමස බලමු.

බැලු බැල්මට එහි ගැටලුවක් නොමැත. නමුත් විමසිල්ලෙන් බැලිමේදි  A ට එසේ  කිරිමට අවකාශයක් නොමැති  බව පෙනේ.

A අනාගතයට ගමන් කල අවස්ථාව නැවත සලකා බලමු. ඔහු  හෙට දිනය පසුකර අනිද්දා දිනට ගමන් කල විට, ඔහුට ඔහුවම  කිසියම් තැනක සිටිනු දැකිය  හැකිය (සමහර විට A  ඔහුම ලොතරැයි දිනුම සිය නිවසේ සිට නරඹනවා නිරීක්ෂණය කරන්නට ඇත) ඒ අවස්ථාවේ ඔහු අත ලොතරැයියක් තිබුණිද? නැත. එපමණක් නොව  A  එතැන් සිට පෙර දිනය නිරීක්ෂණය කළහොත් ඔහු එදින තුල සිදු කල කාර්‍යයන් ද දකිනු ඇත. එම කාලය තුල කිසිවිටක ඔහු ලොතරැයියක් මිලට ගැනීමට ක්‍රියා කරනු ඔහු නිරීක්ෂණය කරයිද? නැත. සරලව කියතොත් A දිනුම් අවස්ථාව වන විට ලොතරය්යක් මිලට ගෙන නොතිබුණි.

දැන්  නැවත වර්තමානයට පැමිණි A ට  සිය අබභිමතාර්ථය ඉටු කර ගැනීම සදහා කල හැක්කේ කුමක්ද ?

ඔහුට දැන් ලොතරැය්යක් මිලට ගැනීමට අවශ්‍යය. එසේ වුවද ඒ සදහා ඔහුට ඉඩක් ඇත්ද? ඔහු ලොතරැයියක් මිලට ගැනීම තුලින්ම, ඔහු සිය   අනාගතය කලින් දැකීමට හැකිය යන සත්‍ය අසත්‍යක් බවට පත් කර ගනී. ඒ කෙසේද යත් ලොතරැයියක් මිලට ගතහොත්, ඔහු අනාගතයට පිවිසි කල දුටු ලොතරැයියක් මිලට නොගෙන සිටි ඔහු හා මිලට ගත්  ඔහු, එකට සමාන කල නොහැකි වීමෙනි.

එතුලින් ඔහු අනාගතයට පිවිසි කල දුටු  දෑ   සත්‍යයෙන් තොර මනක්කල්පිතයක්  බවට ඔහු විසින්ම පත් කරයි. ඔහු එ බව  නොතකා ලොතරය්යක් මිලට ගත්තේ වුවද, ඔහුට දිනුමක් ලැබීමට ඉඩක් තිබේද? 
ඊට ඉඩක් නැත්තේ, ඔහු දැනටමත් ඔහුම නිරික්ශණය කලා යැයි කියනු ලබන අනාගතයට,  ඇති වලංගු භාවය බිද දමා ඇති බැවින්, ඔහු  නිරීක්ෂණය කරන ලද දිනුම් අංකද නිවැරදියයි සිතීමට  සාධාරණ හේතුවක්  නොමැති  බැවිනි.

එසේනම් A ට ඉතිරිව  ඇත්තේ එකම එක දෙයකි. එනම් B පුද්ගලයා ලෙසම, ලොතරැයි අංක දැන  දැනම වුවද, ලොතරැයි යක් නොගෙන බලා  සිටීම පමණි. තමන්  අනාගතය කලින් දුටුවා ය යන සිතුවිල්ල තුල පමණක් ඔහුට සතුටු විය හැක. ඊට වඩා කල හැකි  දෙයක් නැත.

දැන් මෙය බුද්ධාගමට  සහ කිතු දහමට අදාළ කර ගන්නේ කෙසේද ?

බුදුරජාණන් වහන්සේ දිනක් චන්න මානවකයා කැලයක්  තුලින් ගමන් කරනු සහ අනතුරුව  සොර මුලකට හසුව පහර කා මිය යනු දුටු සේක. බුදු රජාණන් වහන්සේ  දිවැසින් දුටු, සොරමුලගෙන් පහර කා  මිය යන චන්න මානවකයා ඒ වන විට බුදුබණ අසා නොතිබුණි. නමුත් සත්‍යය ලෙසම  අවසානයේ මිය ගියේ,  පෙර මග වැඩි බුදුරජාණන් වහන්සේගෙන් බෞද්ධ වචනය ශ්‍රවනය කල චන්න මානවකයාය . එසේනම් බුධුරජානන්  වහන්සේ දිවසින් දුටු චන්න මානවකයා  මනක්කල්පිත්යක් වනවා නොවන්නේද?


දෙවියන් වහන්සේ ආදම් සහ ඒවා මවන ලද්දේ මිය යාමට නොවේ.සදාකල් ජිවත් වනු පිණිසය. නමුත් තහනම් ගසේ ගෙඩි කෑ ඒ දෙදෙනා ඒ හේතුවෙන් පාපයට ලක්ව මිය ගියෝය. දෙවියන්ට අනාගතය දැකිය හැකිය !!!  නමුත් ආදම් සහ ඒවා කරන්නේ කුමක්දැයි කලින් බැලීමට දෙවියන් අකැමැති  විය. බැරිවෙලාවත් ඔහු බලන ලද්දේ  නම් වන්නේ කුමක්ද? ඔවුන් මිය යන බව දෙවියන් වහන්සේ දකිනු ඇත. මහා සර්වබල දෙවියන් වහන්සේට ඒ වෙනුවෙන් කල හැක්කේ කුමක්ද? බලා සිටීම පමණි.  දෙවියන් වහන්සේ කිසියම් ලෙසකින් ආදම් සහ ඒවා මිය යාම වලක්වන ලද  නම්, දෙවියන් වහන්සේ කලින්  දුටු ආදම් සහ ඒවා මිය යන දසුන මාක්කල්පිතයක් වනවා නොවන්නේද?


Pic source : www.medicaldaily.com

Howmany lottery tickets should we buy to win Jackpot

Posted by with 2 comments