එක් සරණපාල අයෙක් තම
මිතුරකුට රෝහලකින් බෙහෙත් ගන්න උදව් කරනවා යැයි මොහොතකට සිතන්න. එවිට ඔහු කරනුයේ
ඔහුගේ රෝහල් මිතුරෙකුට මේ බව පැවසීමය. අනතුරුව රෝහලට යන පුද්ගලයාට පොලිම් වල
නොසිටම වෛද්‍යවරයා හමුවීමට ඉඩ ලැබෙයි. බෙහෙත් ටිකද එසේමය. රෝහලේ නතර වන්නේ නම්
රොගී තත්ත්වය නොසලකා ඇඳක්ද ලැබේ. අනෙක් රෝගින්ට ෆාමසියෙන් ගන්නැයි පවසන බෙහෙත්
ටිකද ඔහුට නොමිලේම රෝහලෙනි. කොතරම් ආශ්චර්යක්ද? ඉන්පසු ප්‍රිතියෙන් ඉපිල යන මේ පුද්ගලයා අර සරණපාල ට නොසෑහෙන්න
ස්තූති ද පල කරනු ඇත. එවැනි මිතුරකු සිටිම පිලිබඳ ආඩම්බරද වනු ඇත.
තම මිතුරාට උදව්වක්
කිරිම හොඳය. නමුත් මෙහිදි බිඳී ගියේ නිතියේ ආධිපත්‍ය නොවේද. අපි රෝහලකින් බලා
පොරොත්තු වන්නේ අවශ්‍ය රෝගියාට ඇඳක් මිස රෝහලේ සෙවකයකුගේ මිතුරු රෝගියාට ඇඳක්
නොවේ. එසේම පොලිමේ සිටින අනුපිලිවෙලට වෛද්‍ය හමුවකි. අවශ්‍ය රෝගියාට, නොමිලේ ලැබෙන බෙහෙතති. ”තෙවැනි ඇස” එසේ කියන විට ඔබ සැමද “තෙවැනි
ඇස” සහ එකඟ වනවා ඇත. නැතිනම් ඔබ ආසාධාරණයට ලක් වන විට ඔබද එය විවේචනය කරනවා ඇත.
නමුත් ඔබේ මිතුරා හෝ ඥාතියා ඔබට උදව් කරයි නම් ඔබද ඉහත තත්වයටම වැටෙනවා නේද?
අනෙක් අභාග්‍ය නම්
විවිධ තනතුරු දරන නිලධාරීන්ද එසේ ම සිතිමය. “තෙවැනි ඇසට”ට දිනක් යම් අයෙක් මෙසේ
කියනු ඇසිණි. “අපි පොලිසියේ ඉදලත් අපේ කෙනෙකුට පොලිසියෙන් උදව්වක් අරන් දෙන්න
බැරිනම් වැඩක් නැහැනේ”. සියල්ලන්ම මෙසේ සිතන්නට ගියහොත් උදව් කිරීමට කිසිවෙකු
නොමැති පුද්ගලයන්ට කුමක් වේවිද?
එසේනම් තෙවැනි ඇස
මෙසේ කියමි. ඹබට තම මිතුරන්ට සේවය කිරිමට අවශ්‍යම නම් එසේ කරන්න, එය හොඳය. නමුත් ඒ වෙනත් අයෙකුට අයිති අවස්ථාවක් සොරකම් කර ඔබේ
මිතුරාට දිමෙන් නම් නොවේ.නමුත් වඩා හොඳ වන්නේ එම සේවය අත්‍යාවශ්‍යම පුද්ගලයාට, ඔබේ මිතුරකු නොවුවත් පලමුව ලබා දිමට ක්‍රියා කිරීමය.
Image source
No comments:
Post a Comment