ඉතිං ඔබත් එහෙම
අයෙක් නම් කියන්න බලන්න මේ ටිකට් වලින් හෙට රෑ ජයග්‍රාහකයෙක් වෙන්න වඩාත්ම ඉඩ ඇති
ටිකට් එක කෝකද කියලා.
Y777777 G900000 S123456 D835724
පලවෙනි එකනම්
කීයටවත් ඇදෙන්නෙ නැති අංකයක් කියල ඔබ කියාවි. එතකොට දෙවැනි එක? ඒ වගේ අංකයක් කවදාවත් ඇදිල තියෙනවද නේද? එත කොට තැන්වැන්න? ඒකත් එහෙමයි. මේ වගේ අංක ඇදෙයි කියල ඔබ නම් හිතන්නේ නැහැ නේද? හතරවෙනි අංකය ගැන මොකද කියන්නේ ? ඔන්න ඒක නම් ඇදෙන්න ඉඩ තියෙනව කියල මබ හිතුව නම් , ඔබ ආයේ පාරක් අංක ගණිතය ඉගෙන ගන්න ඕන කියලයි මම කියන්නේ. මට නම්
පෙනෙන්නේ නැහැ මෙම අංක හතරේ වෙනසක්. ඒ සේරම අංකනේ. එහෙනම් ඇයි අපි පලමු අංක තුන
වෙනස් විදිහට දකින්නේ. එයට හේතුව තමයි ඔබේ අංක දැනුම අනුව, එම අංක වල සම්බන්ධතාවයක් දැකිම සහ එවැනි සම්බන්ධතාවයක් ඇති කරමින්
ලොතරැයියක අංක ගැලපේවියැයි සිතන්නට ඔබ පැකිලීම.
එහෙමනම් අවසාන
අංකයෙත් සම්බන්ධතාවයක් තියෙනව නේද බලන්න. 835 න් 111 අඩු කලාම 724 හැදෙනව. ඊටත්
අමතරව ඒක අපේ ගෙදර දුරකතන අංකයත් වෙනව. එහෙමනම් ඒකත් ඇදෙන්න බැහැ නේද.
අපි සම්බන්ධතා සොයනව
නම් ඕනෑම ගණෙනක අංක වල සම්බන්ධතාවයක් තියෙනව. එක සම්බන්ධතාවයක් නොවේ සම්බන්ධතා
ගොඩක් තියෙනව. එහෙනම් හෙට ලොතරැයියටත් ඕනෑම අංකයක් එන්න පුලුවන්
Image source theguardian.com
Image source theguardian.com
No comments:
Post a Comment