මිනිසා යනු මෙලොව බිහි වූ බුද්ධීමත්ම සත්ත්වයාය. වෙන අන් කිසිදු සත්ත්වයකුට නොමැති ලක්ෂණ කීපයක් ඔහු සතුය.
කතා කිරීම, ඒ හරහා එකිනෙක අතර තොරතුරු හුවමාරු කර ගැනීම, බාෂාව භාවිතා කිරීම සහ ඒ සදහා සංකේත බාවිත කිරීම එපමණක් නොව,
අන් අය මෙතෙක් ලබා ගත් දැනුම මෙම බාෂාව නමැති මෙවලම හරහා ඉතා සීග්‍රයෙන් ග්‍රහණය කර ගෙන එතැන් සිට ඉදිරියට තමා විසින් දැනුම ලබා ගැනීම ඒ අතර වෙයි.
ඔහුට අන් සතුනට සාපේක්ෂව විශාල මොලයක් හිමිය. සියලු පංචේන්ද්‍ර ඉන්ද්‍රියන් ( වෙන් වෙන්ව නොව )එකට ගත් කල එහි බාවිතය අන් කිසිදු සත්වයකුට සම කල නොහැක.
ඔහු තම සිත ක්‍රියා කරන්නේ කෙසේද යන්න එම සිතින්ම වටහා ගැනීමට උත්සහ කරයි. පරිනාමිය ක්‍රියාවලිය රසායනාගාර තුල අත් බලයි.
මේ වන විට දැනුම අතින් ඉතා ඉහල ස්ථානයක මිනිසා සිටින බව ඔහු සිතයි (ඔබ සිතයි).
ඔබ එසේ සිතන්නේ ඇයි .
අද ඔබ භාවිතා කරන පරිගණකය, ස්මාර්ට් දුරකථනය, රුපවාහිනිය, දියුණු බෙහෙත් වර්ග, හා අනෙකුත් තාක්ෂණිකව දියුණු මෙවලම් දෙස බලද්දී වසර සියයකට හෝ පන්සියයකට පෙර සිටි මිනිසාට සාපේක්ෂව ඔබ එසේ සිතීම සාදාරණය.
නමුත් ඔබ සිටින්නේ මිට වසර සියයකට පෙර සිටි මිනිසාටත් වඩා පසු පසින් බව මම පවසමි.
අද දින මිනිසා දියුණු වී ඇත. එය සත්‍යයකි. නමුත් ඔහු දියුණු වී ඇත්තේ මිනිස් සමුහයක් ලෙස විනා තනි පුද්ගලයන් ලෙස නොවේ.
වෛද්‍යවරයෙක් රෝගියාට ප්‍රතිකාර කිරිමට දියුණු වී ඇත. නමුත් ඔහුට බෙහෙත් නිෂ්පාදනය කල හැකිද. ශල්‍ය උපකරණයක් ඔහුටම සදා ගත හැකිද.
පරිගණක ඉන්ජිනේරුවෙකුට පරිගණක භාෂාවක් භාවිතා කර යම් නිර්මාණයක් කල හැකිය, නමුත් ඊට අවශ්‍ය පරිගණක භාෂාවක් නිර්මාණය කිරීම ඔහුටම කල හැකිද, ඔහුට අවශ්‍ය පරිගණකයක් ඔහුටම නිර්මාණය කර ගත හැකිද. ඒ සදහා අවශ්‍ය පරිගණක චිපයක් ඔහුටම සදා ගත හැකිද.
අනෙක් අතටබලන කල අප නොසලකා හරින නමුත් අප වෙනුවෙන් භාවිතා වන තාක්ෂණයන් කොතරම් ඔබ අවට ඇති ඔබ සිත බලා තිබේද.. ඉන්දන නිෂ්පාදනය වී ඔබේ නගරයට පැමිණෙන තෙක් පසුකරන තාක්ෂණික ක්‍රියාවලිය ගැන ඔබ සිතා බලා ඇත්ද. වාහනයකට යොදන ලිහිසි තෙල් පිටුපස ඇති තාක්ෂණික ක්‍රියා වලිය ගැන ඔබ සිතා තිබේද. ඔබ මිලට ගන්නා ආහාර වල ඇති රස කාරක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ඒ පිටුපස ඇති පාලන විදි ගැන ඔබ සිතා බලා ඇත්ද. දුම්රිය රියදුරු විසින් බාවිතා කල යුතු නියමයන් මොනවාදැයි ඔබ දන්නවද. වාහනයක් ආලෝක සඥා දෙසට ලගා වන විට සංවේදී වීමට යොදා ගන්නා සරල තාක්ෂනය කි දෙනෙක් දන්නේද.
එම තාක්ෂනයන් ඔබ නොදැන සිටීම මෙතෙක් ගැටළුවක් නොවුයේ ඒ පිළිබද වෙහෙසීමට වෙනත් පුද්ගල කණ්ඩායමක් සිටි නිසාය. ඔවුන් ඒ පිළිබද දැනුවත්ව සිටිනා අතරතුර ඔබ ඔබේ රැකියාවට අදාළ දැනුමෙන් පොහොසත්ව සිටියේය. අප අන්‍යොනය වශයෙන් එකිනෙක හා යැපුණි
නමුත් යම් විදිහකින් , හෙට දින ඔබ කැලයක අතරමං වූයේනම් වියලි කොටු කැබලි දෙකක් යොදා ගින්දර අවුළුවා ගැනීමට ඔබට කොතරම් වෙහෙසක් දැරීමට සිදුවනු ඇතැයි ඔබ සිතන්නේද.
මිනිසුන් කිහිප දෙනෙක් පමණක් වෙනත් ග්‍රහ ලෝකයකට රැගෙන ගියා යයි සිතන්න. ඔවුන් මනසින් දියුණු බව සත්‍යකි. ගුවන් යානයක්, රොකට්ටුවක්, පරිගනකයක්, දුරකතනයක් නිර්මාණය කල හැකි බව ඔවුන් දනී. නමුත් විදුලිය උපද්දවා ගැනීම සදහා ලෝහ කැබැල්ලක් සහ චුම්බකයක කැබැල්ලක් සාදා ගැනීමට එම කණ්ඩායමට කොතරම් කාලයක් ගත වේද. ඒ මගින් විදුලි බල්බයක් නිර්මාණය කර ආලෝකය ලබා ගැනීමට සමහර විට පරම්පරා ගණනාවක් ගත වනු ඇත.
සත්‍ය එයයි. අප සියල්ලන්ම එකට එකතු වූ කල අප සතු ඉතා කුඩා දැනුම් කාණ්ඩයන් එකට සමායෝජනය වීම තුල මිනිසා සතු විශිෂ්ට දැනුම සම්බාරය පෙන්නුම් කලද, අප වෙන් වෙන්ව ගත් කල මිට වසර සියයකට පෙර සිටි ස්වාදින මිනිසාටත් වඩා ඔබ දැනුමෙන් පරාදීන වී ඇති බව ඔබ පිලි ගන්නවාද?
Artist's impression by S. Plailly/E. Daynes/SPL
සත්‍ය එයයි. අප සියල්ලන්ම එකට එකතු වූ කල අප සතු ඉතා කුඩා දැනුම් කාණ්ඩයන් එකට සමායෝජනය වීම තුල මිනිසා සතු විශිෂ්ට දැනුම සම්බාරය පෙන්නුම් කලද, අප වෙන් වෙන්ව ගත් කල මිට වසර සියයකට පෙර සිටි ස්වාදින මිනිසාටත් වඩා ඔබ දැනුමෙන් පරාදීන වී ඇති බව ඔබ පිලි ගන්නවාද?
Artist's impression by S. Plailly/E. Daynes/SPL