4/01/2018

07 Reasons to Prove We Have Got a Brain in Addition to the Mind

Posted by thirdeyelk with No comments






අප ගන්නා ආහාර පලමුව මුඛයේදී, අනතුරුව  බඩවැල් ඔස්සේ ගොස්, පසුපස මාර්ගයෙන් ඉවත්වෙයි. මින් මුඛය සහ පසුපස මාර්ගය අපගේ මනසින් පාලනය කල හැකි වුවද බඩවැල් මනසින් පාලනය කල නොහැක. එසේනම් එම කාර්යභාරය කරනුයේ මොලය මගින් පමණක් බවත් සිතට එහි කලහැකි යමක් නොපවතින බවත් පිලිගැනිමට සිදුවෙයි.

The food we eat,  go through the digestive system, then come out from the rectum. Although the mouth and the rectum can be controlled by our minds, the rest of the digestive system can not be controlled by the mind. If so, we need to accept  that task is only carried out by our brain and there is nothing mind has to do with that






කොතරම් සිත වෙහෙසා අවබෝද කරගැනීමට තැත් කලද, බයිසිකල් පැදීම පිහිණීම රෝද සපත්තු පැලද ලිස්සා යාම ආදී හැකියාවන් අත්කර ගැනීමට නොහැක. නමුත්  පෙර පාසල් දරුවන්ට පවා පිහිනිම සහ දිය මත ගිලීම ආදිය පුහුණු කල හැක්කේ එය මොලයෙන් මිස මනසින් සිදු නොවන බැවිනි

No matter how hard your mind try to understand, you can never learn to ride bicycles, swimming or skating. But even  a pre-school child can perform swimming and diving after having being  trained in their brain 







සිතට වරකට කල හැක්කේ එක් සිතුවිල්ලක් පමණි. ඔබගෙ පාසල් අත්දැකීමක් මෙනෙහි කරන ගමන්ම ඔබගේ කාර්යාලයෙ අත්දැකීමක් මෙනෙහි කල නොහැක. නමුත් මොලයට එක් වර ක්‍රියාකාරකම් රාශියක් කල හැකිය.

Only one thought can be memorized by you at a time. As you think of your schooling experience, your office experience cannot be thought. As soon as you think about your office, the thought of school goes off  the mind. But the brain can do many activities at the same time.







මානසික වෛද්‍යවරුනට අනුව මානසික රෝග සදහා දෙනු ලබන සියලුම බෙහෙත් දෙනු ලබන්නේ භෞතික මොලයටය. මොලයේ සුව කල නොහැකි රෝගයක් හෝ හානි වීමක් නිසා ඇතිවන මානසික රෝගයන්ට ප්‍රථිකාර නොමැත.

According to mental practitioners, all the medications for mental illness are in fact given to the physical brain. There are no medicines available for mental illness caused by brain damage




  උඩු සිත ට (ඉච්ඡානුග) අමතරව ක්‍රියාත්මක වන මොලය (අනිච්ඡානුග)  නැමති ඉන්ද්‍රිය , යටිසිත ලෙස අර්ථ දක්වන පිරිස් වෙති. එසේනම් ඔවුනට ශාඛ වලටද යටි සිතක් ඇති බව  පිලිගැනීමට සිදුවෙනු ඇත. මක්නිසාද ශාඛ තුලද යම් දුරකට කටයුතු පාලනය වීමක් සිදුවන බැවිනි.








දතක් උගුල්ලා දැමීම ඉතා වේදනාකාරි බව අප සිත දනී. නමුත් හිරිවැටිමෙන් පසු දත ගැලවීම අප සිතට වේදනාකාරි නැත. ඉන් පෙනියන්නේ සිතට සංවේදනය පැමිනෙන්නේ භෞතික මොලය හරහා බවයි. සිත ස්වාධීන  විව්‍යුහක් වුයේනම්, එය අවබෝධයෙන් දත් වේදනාව, හිරි වැටිම යටපත් කරමින් සිතට සංවේදනය විය යුතුය.





ඔබ වාහනයක් හෝ යතුරු පැදියක් ධාවනය කිරීමක නිරත වී ඇත්නම්, සමහර විට ඔබේ මනස දුරකථන සංවාදයක් වැන්නකට යොමු කරමින් සිය වාහනයද ධාවනය කිරිමේ අත්දැකීම ලබා ඇත. එහිදී ඔබේ මනසින් තොරව මොලය සහ ඇස කණ ආදී ඉන්ද්‍රිය එක්ව වාහනය ධාවනය කර ඇති බව පෙනේ. ඉන් ගම්‍ය වන්නේ මනසින් භාහිරව මොලයට කටයුතු කල හැකි බවය.

Pics from world wide web


    
හැගීම් - දැනීම්

0 ප්‍රතිචාර:

Post a Comment