6/16/2019

මැල්කම් රංජිත් කාදිනල් තුමා වීරයෙකු වී මංගල සමරවීර දුෂ්ටයෙකු වීම

Posted by thirdeyelk with No comments

පසුගිය දා සිදු වූ විනාශකාරී අත්දැකීමට අනතුරුව මැල්කම් රංජිත් කාදිනල් හිමි පාණෝ සිංහල බහුතරය අතර වීරයෙක් වී ඇත . ඒ අතර වාරයේම මංගල සමරවීර අමාත්‍යවරයා සිංහල යා ඉදිරියේ දුෂ්ටයකු වී ඇති බවද නොකිවමනාය .

මෙහි වැදගත් කාරණාව කාදිනල් තුමා වීරයෙකු වීමටත් මංගල සමරවීර  දුෂ්ටයකු වීමටත් හේතු වූ කාරණාව යි .

පළමුවෙන් කාදිනල් තුමා ගැන සලකා බලමු . ලංකාව බෞද්ධ රටක් ය බෞද්ධයා කිතුනුවන් ගේ වැඩිමහල් සහෝදරයාය ආදී කරුණු පැවසීම නිසා එතුමා සිංහලයා අතර පිළිගැනීමට ලක් විය . නමුත් වඩා වැදගත් වන්නේ එතුමා ගේ ප්‍රකාශය සිංහල බෞද්ධයන්ට හිත කර ප්‍රකාශයක් වීම නිසා එතුමා ජනප්‍රසාදයට පත් වූවා ද නැති නම් මගේ ප්‍රකාශය නිවැරදි වීම නිසා එ තුමා අගය කිරීමට ලක් වූවා ද යන්න යි .

යම් පුද්ගලයෙක් හෝ පුද්ගල ප්‍රකාශයක් විනිශ්චය කළ යුත්තේ එම ප්‍රකාශයේ නිවැරදි භාවය ඒ මත මිස එම ප්‍රකාශය අපට හිතකර ද අහිතකර ද යන තත්ත්වය මත නොවේ .  අපට හිතෛෂී නොවන කිසියම් ප්‍රකාශයක් විදෙස් රටකින් කරන ලද සෑම අවස්ථාවකදීම ,එහි පවතින නිවැරදිතාවය සලකා නොබලා එය ප්‍රතික්ෂේප කිරීම අද වන තුරුත් සිදුවී ඇත .

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරියේ දමිල  ඩයස්පෝරාව  විසින් කරල ද උද්ඝෝෂණයකදී  හමුදා නිලධාරියා විසින් කරන ලද හස්ත සංඥාව ඔබට මතක ඇතැයි සිතමි . එංගලන්තයේ නීති අනුව සාමකාමී උද්ඝෝෂණය වරදක් නො වේ . නමුත් එය කොටි ඩයස්පෝරාව වීම නිසා එය අපට වරදක් විය . හමුදා නිලධාරියකු පොදු ස්ථානයක දී ජනතාවට ගෙළ සිඳ ලීම  සංඥාවකින් පෙන්නුම් කිරීම කිසිදු නීතියකින් ඉඩ දෙන්නක් නොවේ . නමුත් ඔහු සිංහල අපට  වීරයෙක් විය.

මින් පෙනී යන්නේ අපි විසින් යම් සිදුවීමක් අර්ථ දක්වන්නේ එය  අපිට බලපාන්නේ කුමන ආකාරයෙන් ද  යන්න මත බවයි. නමුත් ඒ ශිෂ්ට සමාජය පිළිගත් ක්‍රමය නොවේ . මක් නිසා ද යත් , අනෙක් පාර්ශවය ද ඔවුනට වාසි සහගත ලෙස සිතීම වැළැක්විය නොහැකි බැවිනි .

එසේ නම් මැරකම් රංජිත් තුමා ද සිහි තබා ගත යුතු කරුණක් වන්නේ , අද ඔබතුමා වීරයෙක් වූයේ ඔබ කරන ලද ප්‍රකාශය තුල ඇති හරය මත නොව ,එය සිංහල ජනතාව ට හුදෙක් පක්ෂපාතී වීම මත බවයි .
**************************
මංගල සමරවීර අමාත්‍ය වරයා පවසන ලද්දේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ගේ රටක් නො ව ශ්‍රී ලාංකිකයින් ගේ රටක් බවයි . ඒ ඔහුගේ එම ප්‍රකාශයෙන් අනතුරුව මේ මොහොත දක්වා  ඔහු උපුටා දක්වන ලද  සියලුම පුවත්, හිතා මතාම , "සිංහල බෞද්ධයන් ගේ" යන වචනය ව්‍යවහාර කරන ලද්දේ "සිංහල බෞද්ධ" ලෙස බව අමතක නොකළ යුතු ය .

බෞද්ධ රටක් සහ බෞද්ධයන්ගේ රටක් යන්නෙහි හරයාත්මක  වෙනසක් පවතී. 
ව්‍යාපාර ස්ථානයක් මුස්ලිම් කඩයක් යන්නේ ට වඩා  මුස්ලිම් වරුන්ගෙ කඩයක් ලෙස නම්  කළොත් මෙයින්  හැඟී යන්නේ එම කඩය මුස්ලිම් වරුන් ට පමණක් භාවිතා කළ හැකි කඩයක් බව යි.

උදාහරණ අවශ්‍ය නැත . බෞද්ධයන් ගේ යන වචනයෙ "ගේ" යන්න ඉවත් කිරීම තුළම , මෙම වචන දෙක අතර පැහැදිලි වෙනසක් පවතින බව එය විවේචනය   කරන අය විසින් පිළිගෙන හමාරය. සිංහල බෞද්ධයන් ගේ යන පදනම මත මංගල සමරවීර ගේ ප්‍රකාශය විවේචනය  කිරීමට හැකියාව තිබිනි නම් , ඔවුන් කිසි  ලෙසකවත් එය විකෘති කරන්නේ නැත

රංජන් රාමනායක මහතා ද මේ සඳහා කදිම උදාහරණයක් ගෙන දක්වා තිබිණි . එ නම් සීනි මිශ්‍ර දොඩම් වීදුරුවක්, දොඩම් වීදුරුවක් ලෙස නම් කරනවා විනා සීනි වීදුරුවක් ලෙස නම් නොකරන බවයි . නමුත් මතක තබා ගත යුතු කරුණක් නම් සිංහල දොඩම් ගෙඩියක් නම් අනෙකුත් සුළු ජාතීන් අඹ ආදී වෙනත් පලතුරු වල සම කරනවා විනා සීනි වලට සම කළ නොහැකි බවයි . අඹ සහ දොඩම් මිශ්‍ර බීම වීදුරු වකට දොඩම් වීදුරුවක් යයි කීම නිවැරදි ද යන්න සිතා බැලිය යුතු ය

මංගල සමරවීර අමාත්‍යවරයාට තම ඡන්ද පදනම රැක ගැනීමට අවශ්‍යතාවය තිබුණේ නම් ඔහුට පැහැදිලි ලෙස ම විමල් වීරවංශ ලෙස ප්‍රකාශ නිකුත් කර සිංහල බහුතරයගෙ ඡන්දය ලබා ගැනීමට ඉඩ තිබුණි . එම අවස්ථාව නැති කර ගනිමින් , තමා විශ්වාස කරන යම් සත්‍යයක් ප්‍රකාශ කිරීමට  ශක්තිය තිබීම , මා සිතන පරිදි අගය කළ යුත්තකි .

අනෙක් අතට , සිංහල අපට යමක් ස්වාධීන විනිශ්චය කිරීමේ නොහැකියාව යන ලක්ෂණ ය සමග ගත් කල   මංගල සමරවීර දුෂ්ටයකු බවට පත් වූයේ ඔහුගේ  ප්‍රකාශය තුල ඇති වැරදි හෝ නිවැරදි තත්ත්වය මත නිසා නො ව , එය සිංහල බෞද්ධ ජනතාවට හුදෙක් හිතකර නො වූ බැවින්  බව පිළිගැනීමට සිදු වේ .

ඊට සාක්ෂි සපයන කරුණක් ද මෑතකදී සිදු විය. එ නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය අවශ්‍ය වන්නේ හිට්ලර් වැනි පාලකයකු බව , එක ස්වාමීන් වහන්සේ නමක් විසින් ප්‍රකාශ කළ සේක. එයට විවේචන ඉදිරිපත් වන විට , මංගල සමරවීර දුෂ්ටයෙකු කරන ලද  සමාජය විසින් පවසන ලද්දේ කුමක්ද යන්න මෙනෙහි කර බලන්න .

ඔවුන් පුන පුනා පවසන ලද්දේ ස්වාමීන් වහන්සේත් කරන ලද ප්‍රකාශයේ වචන වල තේරුම් මත එල්ලී නොසිට , එතුමන්  ඉන් අදහස් කළේ කුමක් ද යන්න සිතා බැලිය යුතු බවයි .

මේ අනුව නැවත නැවතත් පෙනී යන්නේ සිංහල අපට යම් සිදුවීමක් හෝ ප්‍රකාශයක් , අපක්ෂපාතී ව නිරීක්ෂණය කොට , ස්වාධීන  විනිශ්චය ට භාජනය කළ නොහැකි බව නොවේ ද .

6/09/2019

බෞද්ධයකු ලෙස ඔබ රැස් කරගන්න සියලුම කුසල් ඔබ සතු ද

Posted by thirdeyelk with No comments

බෞද්ධයකු ලෙස කුසල් රැස් කරන ඔබ , එම කුසල්  සියල්ල ඔබ සතු යැයි සිතා සිටිනවා වුවද , එය එසේ නොවන බව  බෞද්ධ ධර්මය තුළින් ම පෙන්වා දීමට මෙම ලිපිය ලියමි.

අපි සිතමු ඔබ රැකියාවට යන විට හමු වන  සිඟන්නෙක් බඩගින්නට යමක් ඉල්ලුවා කියා . ඔහු ගැන කණගාටුවන ඔබ දිවා ආහාරය සඳහා ඔබ ගෙන යන බත් පත ඔහුට පිළිගන්වයි. ඔහු බත් පත අනුභව කර ඔහුගේ කුසගින්න නිවා ගනී  . මෙය ඉතා පැහැදිලි කුසල කර්මයක් බවට  විවාදයක් නැත.

නමුත්  සිඟන්නා බත්පත තව යමෙකු ට විකුණා ලැබෙන මුදල් වලින් මත් ද්‍රව්‍ය පානය කලොත් ඔබ, ඉහත සඳහන්  කුසල කර්මයට ම හිමි කම් ලබනවා ද?

බහුතර මතය වන්නේ කුසලය තීරණය වන්නේ සිඟන්නා ඉන් අනතුරුව සිදු කරන දේ මත නොව , බත් පත දීමේදී ඔබ සිත තුළ ඇති වන යහපත් චේතනාව මත බව යි .

ගවයකු නිදහස් කිරීම , දිළිඳු අයෙකුගේ  ශල්‍ය කර්මයකට ආධාර කිරීම , පුණ්‍යායතනයක් අලුත් වැඩියාවට අමුද්‍රව්‍ය සැපයීම ,  ආදී මෙකී නොකී සියලුම  පුන්‍ය ක්‍රියාකාරකම් වලදී , ඔබ රැ ස් කර  ගන්නා කුසල්  සම්බන්ධයෙන් මේ තත්ත්වය  වැදගත් වේ .

ඔබ සිතා සිටින පරිදි ඔබ මුදල් ගෙව්වේ ගවයා මරනින් නිදහස් කිරීමට ය , එම නිසා ඉන් අනතුරුව ගවයා නැවත මස් කඩයට ගෙන ගිය ද එය ඔබට අදාල නොවන අතර ඔබ ලබන කුසලයටද  ඒ බලපෑමක් නොකරයි .

නමුත්  බුදු දහමේම ඇති අනෙකුත් ධර්ම කරුණු අනුව සලකා බලද්දි එය එසේ නොවන බව පෙනේ . ගවයාට ජීවිත දානය දීම තුළින් ලබන කුසල රැස්කර ගැනීමට නම් අනිවාර්යෙන්ම ගවයා මරණයට නියම වී තිබිය යුතු අතර ඔබේ මැදිහත් වීම නිසා ගවයා එම මරණින් නිදහස් විය යුතු ය .

ගවයා හිමිකරු ඔබට වංචාවක් කරන ලද්දේ නම් , ඔබේ යහපත් චේතනාව මත යම් කුසල කර්මයකට ඔබ හිමිකම් කියනවා වන්නට පුළුවන , නමුත් ගවයා ට ජීවිත දානය දීම තුලින් ලැබිය යුතු කුසල කර්ම ය ඔබ අත්පත් නොගනී .

මම එසේ කියන්නේ ඇයි .  ඊට හේතුව ,ඒ බව බුදු දහමේ ම පැහැදිලිව සදහන් කර ඇති බැවිනි.........

5/12/2019

සත්‍ය ජාතිකත්වය සොයමින් සිටිමි

Posted by thirdeyelk with No comments
ශ්‍රී ලංකාවේ මෑතකදී සිදු වූ වියසනයත් සමග  සිංහල  ජාතිකත්ව හැඟීම (පුරවැසි නොවෙයි ) ප්‍රබල ලෙස උද්දීපනය වී ඇති බව පෙනේ. දමිළ ජනතාව සහ මුස්ලිම් ජනතාව තුළ ඇත්තේ නිහඩතාවයක් ද නැති නම් අප ඔවුන් ගේ සමාජ මාධ්‍යන්ගේ බැහැරව සිටිම දැයි නො දනිමි 

ජාතිකත්වය යනු ස්ව ජාතියට ආදරය කිරීම සහ එහි පුනර්ජීවනයට  කටයුතු කිරීම ලෙස ගත හොත්, ජාතිය වෙනුවෙන් පෙනී සිටින සියලුම ජාතිමාමකයන් තුළ 
එකී ලක්ෂණ අන්තර්ගතව තිබිය  යුතු ය .

කරුණු එසේ වුව ද අප දකින ජාති මාමකයින්  තුළ පවතින වෙනත් පොදු ලක්ෂණයක් නම් හඳුනා ගත හැක. ඒ නම්  තම පුද්ගලික අවශ්‍යතා සඳහා ජාතිකත්වය වලංගු නොවුව ද අන් සමාජය තුලින්  ජාතිකත්වය උපරිම ලෙස බලාපොරොත්තු වීමයි.

මෙම උදාහරණ කිහිපය බලන්න .

ඔබ රෝහලක සේවය කරයි නම් ඔබට සහ පවුලේ අයට බෙහෙත් ගැනීමට පෝලිමේ සිටීම අවශ්‍ය නැතැ යි ඔබ සිතයි.

ඔබ රෝහලේ සේවය නොකරයි නම් ඔබ දන්නා අදුනන රෝහල් සේවකයෙකු හරහා ඔබේ අවශ්‍යතාව ඉක්මනින් කර ගැනීම වරදක් නොවන බවද  ඔබ සිතයි 

අනෙක් අතට ඔබ රෝහලේ සේවය කරද්දී ඔබ දන්නා අඳුනන අයට ඉක්මනින් සේවය සපයා දීම හොඳ  මානුෂික ගුණාංගයක් ලෙස ඔබ සිතයි 

රෝහලේදී යමෙකුට උදව් කිරීම නිසා ඔබට ලැබෙන යම්  මුදලක් භාර ගැනීම ඒ තරම් ලොකු වරදක් නොවන බව ද ඔබ සිතයි

එසේ තිබිය දීම...... විදුලි බල හෝ ඉන්ධන  සංස්ථාවේ සිදු වූ දූෂණයට අදාල නිලධාරීන්ට උපරිම දඬුවම් දීම වෙනුවෙන් ඔබ ද පෙනී සිටි යි.

මෙය නියම ජාති මාමකත්වය ද .

තවද රටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයන් තුළ ද ඉතා ප්‍රබල ජාති මාමකත්වයක් දැකිය හැකිය.

ඔවුන්ගෙන් සමහරෙක් විදේශයන් හි සිටින්නේ සරණාගත විසා මත ය . එහෙනම් ඔවුන් එම රටට දන්වා ඇත්තේ සිය මව් බිම ඔවුන් ගේ ආරක්ෂාව සැපයීමට උනන්දු නොවන, අසමත්, දූෂිත  රාජ්යයක් බවයි . (සරණාගත වීසා මත සිටින ඉහළ බහුතරය සත්‍ය සරණාගතයින් නොවන බව ද සලකන්න )

තව ද ලංකාවට එවන මුදල ට ඉහළම රුපියල් අගයක් ලැබීම ද ඔවුනට සතුටට කරුණකි . 

ලංකාවට එවනු ලබන සුඛෝපභෝගී භාණ්ඩයක ට කිසි යම් නිලධාරියෙකු   හරහා රේගු බදු  අවම කර ගත හැකි නම් ඒ පිළිබඳව ද ඔවුන් ආඩම්බර වෙයි .

එසේ වුව ද ඔවුන්ගේ  ෆේස්බුක් පිටුවේ ඉහළින් ම දිදුලන්නේ ලංකාවේ අභිමානයයි.

පෙනී සිටින්නේ ලංකා වේ දූෂණ මුලිනුපුටා දැමීමට යි.

අත්වැල් බැඳගන්නේ රටේ ආර්ථිකය නැංවීමට යි.

මෙය නියම ජාති මාමකත්වය ද 

...... සත්‍ය ජාතිකත්වය තවමත් සොයමින් සිටිමි ............

Photo from facebook

4/30/2019

ශ්‍රී ලංකාවේ බුර්කාව තහනම් කරයි Sri Lanka bans face veils after attacks by Islamist 

Posted by thirdeyelk with No comments

ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් මුස්ලිම් කාන්තාව අදිනු ලබන බුර්කාව භාවිතා කිරිම අද දින සිට තහනම් කර ඇත. මෙම තීරණයට හේතු වී ඇත්තේ මෑතක දී ශ්‍රී ලංකාවේ ඇති වූ ඉතා කනගාටුදායක සිදුවීම් වලින් අනතුරු ව පුද්ගල අනන්‍යතාව ය ආවරණය කිරීම  රටේ ආරක්ෂාවට තර්ජනයක් වන නිසා බව පැහැදිලි ය . එහි විවාදයක් නොමැත

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වලට රට වැසියා හිස නැමිය යුතු ය . ඒ අනුව සිය සංස්කෘතිකමය අංගයක් වූ මුහුණ, බාහිර පුද්ගලයන් ගෙන් ආවරණය කර තබා ගැනීම නතර කිරීමට මුස්ලිම් කාන්තාව හෙට දින සිට සූදානම් විය යුතුය .

මෙය බහුතර මුස්ලිම් කාන්තාවට සිදු වන යම් අපහසු තාවයකි . ඒ නිසා මේ කි නීතිය වෙනස් කළ යුතු යැයි මින් අදහස් නොකරමි .  නමුත් මුස්ලිම් කාන්තාව රටේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන එකී පියවර අපි අගය කළ යුතු නොවේද .

අනික් කාරණය ඇයට මෙම පියවර ගැනීමට හේතු වී ඇත්තේ ඇගේ වරදක් නිසා නො වේ . එය හුදෙක් ඇගේ බුරුකාව වෙනත් අයෙක්  අවභාවිත කළ නිසාවෙනි . එය ද කනගාටුවට කරුණක් වෙයි .

මෙම නීතිය පැන වීම නිසා සමාජ ජාලා වල උද්දාමයට පත්වන්නන් දක්වන අදහස්වලින්  පෙනී යන්නේ ඔවුන් සතුටු වන්නේ රටේ  ආරක්ෂාව ගැනම සිතා නො වන බවයි . උඹලගෙ සංස්කෘතිය  තුළ, අපේ සංස්කෘතිය නුරුස්සන අංගයක් කඩා දැමීමට,  අපට හැකි වූවා යන උද්දාමය ඉන් ගම්‍ය වේ.

තව ද සමාජ ජාලා වල සඳහන් වූ කරුණක් වූයේ පිට රට මුස්ලිම් තරුණියන් නිදහසේ සිටින ආකාරය පෙන්වා , අප රටේ මුස්ලිම් තරුණියන් එසේ නො සිතමින් පාපයක් ගෙවන බව ය . යම් ප්‍රකාශයක් නිවැරදි වීමට නම් එය සියල්ලට ම පොදුවේ වලංගු විය යුතුය . එසේ බලන විට ථෙරවාදී භික්ෂූන් ද මහායාන භික්ෂූන් ලෙස  කටයුතු කිරීමේ වරදක් නැත . නමුත් එය  බෞද්ධ අපි පිළි නොගනිමු .

පසු ගිය දින මරා ගෙන මැරුණු එකී ත්‍රස්තවාදීන්ට අවබෝධ කරගත නො හැකි වූ යමක් ඇත . එ නම්  මරා දමන මෙම පුද්ගලයන් එම ත්‍රස්තවාදියාට කිසිදු පුද්ගලික හානියක් නො කළ අහිංසක මිනිසුන් බවය . ඔවුන් කළේ සියලුම ක්‍රිස්තු භක්තිකයින් එකට ලඝු කර සැලකීමයි .

එසේ නම් එම ත්‍රස්තවාදී පිරිස අයත් වු මුස්ලිම් ප්‍රජාව ද  ත්‍රස්තවාදීි සතුරන්  ලෙස එකට ලඝු කර සැලකීමට යමෙක් පෙළඹෙන්නේ නම් ඔහු සහ ඉහත කී ත්‍රස්තවාදියා අතර වෙනසක් තිබේ ද ?

3/17/2019

Evolution is a concept. so is the religion පරිණාමය සංකල්පයකි ආගම ද එසේ ම ය

Posted by thirdeyelk with No comments

මා දන්නා තරමට කිසිදු ආගමක් ජෛව  පරිණාමය පිළිනොගනී . පරිණාමීය සංකල්පයට කිතු දහම කරනු ලබන අභියෝගයක් වන්නේ, පරිණාමය තුළින් නව ජීවියෙක් නිර්මාණය වීමට  හැකි නම් එය ඔප්පුකොට පෙන්වන ලෙසයි. පරිණාමය සංකල්පයක් ලෙසම තවදුරටත් පවතින්නේ  ඒ නො හැකියාව  නිසාම ය.

එහි දෝෂය  ඇත්තේ පරිනාමය තුල නොවේ . පරිණාමය සිදු වීමට ගතවන කාලය සහ මිනිසාගේ ජීවන චක්‍රය  අතර පවතින කාල පරතරය ඊට හේතුවයි . මිනිස්සු  පරම්පරා සියයක් ජීවත් වීමට වුවද ගත වන්නේ වසර මිලියනයකින්  සියයෙන්  පංගුවක් පමණක්  වුවද , පරිණාමය තුළින් නව ජීවියෙක් බිහි වීමට වසර මිලියන දහස් ගණනක් ගත විය හැක . එ බැවින් පරිණාමය තුළින් නව ජීවියෙක් බිහි වීම සියැසින් දැකීමට අප ජීවත් නො වීම, පරිණාමයේ  වරදක් නොවන්නේය .

කිතු දහම ගෙන එන දෙවන තර්කය වන්නේ සෛලයක් නිර්මාණය වීමට අත්‍යාවශ්‍ය අංගයක් වන ප්‍රෝටීන් සහ RNA අතර පවතින සම්බන්ධතාව යයි . ප්‍රෝටින් නිර්මාණයට RNA අත්‍යවශ්‍ය වන අතර RNA නිර්මාණයට ප්‍රෝටීන අත්‍යවශ්‍ය වේ . එම නිසා ප්‍රොටින් හෝ RNA හට  තනිව ම නිර්මාණය වීමට හැකියාවක් නැති බව කිතු දහම තර්ක කරනවා.  අද පවතින දැනුම අනුව එයට පිළිතුරක් විද්‍යාව තුළ නොමැති වුව ද , අනාගතයේ දී එයට විසඳුමක් ලද හැකියි .

උදාහරණයකට වසර සිය ගණනකට පෙර වර්ෂාව සිදු වන්නේ කෙසේද කියා මිනිසා දැන සිටියේ නැහැ . ජලය අහසේ පවතින්නේ කෙසේ ද , එම ජලය අවසන් නොවන්නේ ඇයිද  , යන කරුණු වලට පිළිගත හැකි විසඳුමක් තිබුණේ ද නැහැ . එ බැවින් දෙවියන් විසින් කරනු ලබන කාර්යයක් ලෙස වර්ෂාව  පිළිගනු ලැබුවා . නමුත් අද දින වර්ෂාව සිදු වන්නේ කෙසේද යන්න අපි හොඳින් දන්නවා .

කිතු දහම ගෙන එන තවත් තර්කයක් වන්නේ ඇමයිනෝ අම්ල මගින් ප්‍රෝටීනයක් නිර්මාණය වීමට ඇති අහඹු හැකියාවයි . බිලියනයකින් පංගුවක් පමණ ඉතා ම  අවම හැකියාවක්  පමණක් ඇති නිසා ප්‍රෝටීනය කිසි ලෙසකත් ඉබේ නිර්මාණය වීමට නොහැකි බව ඔවුන් පෙන්වා දෙනවා . ඔවුන් ගෙන එන ඊට අදාළ ම වූ තවත් තර්කයක් වන්නේ නිවැරදි ප්‍රෝටීනයක් නිර්මාණය වීමට ඇති අවම හැකියාව තුළ...,  නිර්මාණය විය හැකි හැකි වැරදි ප්‍රෝටීන බිලියන ගණනක් ඇති නිසා මුළු ලොව ම එකී වැරදි ප්‍රෝටීන වලින් පිරී ඉතිරී යා හැකි බවයි . උදාහරණයකට අපි පාන්  නිෂ්පාදනය කරන බේකරියක්  ගනිමු.  විකිණිය හැකි , නිවැරදි , රාත්තලක පාන් ගෙඩියක් නිර්මාණය කිරීමේ හැකියාව දහසකින් එකක් නම් , නිවැරදි පාන් ගෙඩියක් විකිණීමේදී ,  නිවැරදි නොවන පාන් ගෙඩි නවසිය අනූ නමයක්  බේකරියේ පසෙක  ගොඩ ගැසීමට සිදු වන බව මෙ කී තර්කයෙන් පෙන්වා දෙනවා .
නමුත් වැදගත් කාරණය වන්නේ නිවැරදි පාන් ගෙඩියක් නිර්මාණය කිරීමේ හැකියාව දහසකින් පංගුවක් වුවද ඒ සඳහා පාන් ගෙඩි  දහසක් ම නිර්මාණය කළ යුතු නොවන බවයි . නිර්මාණය කරන ලදපළවෙනි පාන් ගෙඩියම හරියටම රාත්තලක පාන් ගෙඩියක් වීමට ද සම්භාවිතාවක් පවතින බව පිළිගත යුතුයි .

විද්‍යාවේ අද පවතින දැනුමට අනුව විස්තර කළ නොහැකි කරුණු පිළිබඳව කිතු දහම මෙසේ  තර්ක කරද්දී  , දේව වාදය සාධාරණීයකරණය කිරීම සඳහා කිතු දහම ගෙන එනු ලබන සාධක මොනවා දැ යි අපි දැන් බලමු .

ජීවය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නම් පළමුවෙන් ම නිර්මාණය කරන ලද ජීවය කුමක්ද . එය බයිබලයේ සඳහන් පරිදි ආදම් ද නැතිනම් ඔහුට පෙර නිර්මාණය කරන ලද සතුන් ද එසේත් නැතිනම් ඔවුන්ට ද කලින් නිර්මාණය කරන ලද ශාක ද කියා විමසා බැලිය යුතුය. මක් නිසාද යත් ශාක සෛල පවා ජීවී බව ක්‍රිස්තු භක්තිකයන් ද පිළි ගනු ලබන සත්‍යයක් .
තවත් ගැඹුරට කල්පනා කිරීමේ දී එකී  නිර්මාණයට ද පළමුව බැක්ටීරියාවන් නිර්මාණය කරන ලද බවට පිළිගැනීමට සිදුවෙනවා . එ පමණක් නො ව වෛරස ද  දෙවියන් වහන්සේ ගේ ම නිර්මාණයක් විය යුතුයි. අද අප දන්නවා වෛරස යනු ජීවී ලක්ෂණ ද අජීවී ලක්ෂණ ද පෙන්නුම් කරන්න අවස්ථාවක් බව . ජෛව පරිනාමයේ මුල් අවස්ථාවට වෛරසය ඉතාම හොඳ උදාහරණයක්. නමුත් වෛරසය දේව නිර්මාණයක් නම්, දෙවියන් වහන්සේ ද ලෝකය නිර්මාණය කිරීමේදී පරිණාමයේ  සුපිළිවෙළ ම ඇසුරු කරගෙන ඇති බව පෙනී යනව නේද .

රූපවාහිනිය උදාහරණයකට ගතහොත් , අපි දන්නවා ආරම්භයේ පැවැති රූපවාහිනියේ සිට අද පවතින රූපවාහිනිය දක්වා ආ ගමන් මග. අද පවතින නවීන රූපවාහිනිය ආරම්භයේ දී ම නිර්මාණය කිරීමට නොහැකි වූයේ ඇයි. හේතුව නම් එදා සහ අද පවතින තාක්ෂණයේ වෙනසයි . නමුත් දෙවියන් වහන්සේට ඒ වැනි තාක්ෂණික වෙනසක් බලපෑවේ නැති බැවින් වෛරසයෙ සිට අදම් දක්වා  ජීවීන් පිළිවෙලින් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වූයේ ඇයි ද යන්නට පිළිතුරක් අවශ්‍යයි .

තවත් කාරණයක් වන්නේ බැක්ටීරියා සෛල සහ මිනිස් සෛල අතර පවතින වෙනස් කම් වලට වඩා පවතින්නේ , සමාන කම් බවයි. මිනිසා සහ වානරයා අතර පවතින භෞතික වෙනස්කම් ඉතා අල්ප ය . එසේ නම් අදම් නැමති පුද්ගලයා නිර්මානයේදී දෙවියන් වහන්සේ කලින්  නිර්මාණය කරන ලද සතුන් සඳහා භාවිතා කළ ක්‍රමවේදය ම යොදා ගෙන ඇති බව පෙනේ . මිනිසා   අන් සතුන්ට වඩා මිනිසා උසස් නම් සතුන් නිර්මාණයට යොදා ගත් තාක්ෂණය ම මිනිසා සඳහා ද යොදා ගැනීම කොතරම් සදාචාරාත්මක ද ?

සියල්ල නිර්මාණයෙන් පසු ඒ දෙස බලා දෙවියන් වහන්සේ තෘප්තිමත් වූ බව බයිබලයේ සඳහන් වෙනවා . නමුත් මිනිසා යනු ඉතාම හොඳ ම නිර්මාණය යැයි අපට කිව හැකි ද ?
උදාහරණයකට මෞත්‍ර ලිංගික පද්ධතිය ගැන සිතා බලන්න. මිනිසා දෙවියන් වහන්සේ ගේ නිර්මාණයක් නම් , මුත්‍රා කිරීම සඳහා ද, ලිංගික කාර්යය සඳහා, සිය වර්ගයා බිහි කිරීම සඳහා ද  එක ම අවයවයක් යොදා ගැනීම සාර්ථක නිර්මාණයක් ලෙස පිළිගත හැකි ද