මා දන්නා තරමට කිසිදු ආගමක් ජෛව පරිණාමය පිළිනොගනී . පරිණාමීය සංකල්පයට කිතු දහම කරනු ලබන අභියෝගයක් වන්නේ, පරිණාමය තුළින් නව ජීවියෙක් නිර්මාණය වීමට හැකි නම් එය ඔප්පුකොට පෙන්වන ලෙසයි. පරිණාමය සංකල්පයක් ලෙසම තවදුරටත් පවතින්නේ ඒ නො හැකියාව නිසාම ය.
එහි දෝෂය ඇත්තේ පරිනාමය තුල නොවේ . පරිණාමය සිදු වීමට ගතවන කාලය සහ මිනිසාගේ ජීවන චක්‍රය අතර පවතින කාල පරතරය ඊට හේතුවයි . මිනිස්සු පරම්පරා සියයක් ජීවත් වීමට වුවද ගත වන්නේ වසර මිලියනයකින් සියයෙන් පංගුවක් පමණක් වුවද , පරිණාමය තුළින් නව ජීවියෙක් බිහි වීමට වසර මිලියන දහස් ගණනක් ගත විය හැක . එ බැවින් පරිණාමය තුළින් නව ජීවියෙක් බිහි වීම සියැසින් දැකීමට අප ජීවත් නො වීම, පරිණාමයේ වරදක් නොවන්නේය .
කිතු දහම ගෙන එන දෙවන තර්කය වන්නේ සෛලයක් නිර්මාණය වීමට අත්‍යාවශ්‍ය අංගයක් වන ප්‍රෝටීන් සහ RNA අතර පවතින සම්බන්ධතාව යයි . ප්‍රෝටින් නිර්මාණයට RNA අත්‍යවශ්‍ය වන අතර RNA නිර්මාණයට ප්‍රෝටීන අත්‍යවශ්‍ය වේ . එම නිසා ප්‍රොටින් හෝ RNA හට තනිව ම නිර්මාණය වීමට හැකියාවක් නැති බව කිතු දහම තර්ක කරනවා. අද පවතින දැනුම අනුව එයට පිළිතුරක් විද්‍යාව තුළ නොමැති වුව ද , අනාගතයේ දී එයට විසඳුමක් ලද හැකියි .
උදාහරණයකට වසර සිය ගණනකට පෙර වර්ෂාව සිදු වන්නේ කෙසේද කියා මිනිසා දැන සිටියේ නැහැ . ජලය අහසේ පවතින්නේ කෙසේ ද , එම ජලය අවසන් නොවන්නේ ඇයිද , යන කරුණු වලට පිළිගත හැකි විසඳුමක් තිබුණේ ද නැහැ . එ බැවින් දෙවියන් විසින් කරනු ලබන කාර්යයක් ලෙස වර්ෂාව පිළිගනු ලැබුවා . නමුත් අද දින වර්ෂාව සිදු වන්නේ කෙසේද යන්න අපි හොඳින් දන්නවා .
කිතු දහම ගෙන එන තවත් තර්කයක් වන්නේ ඇමයිනෝ අම්ල මගින් ප්‍රෝටීනයක් නිර්මාණය වීමට ඇති අහඹු හැකියාවයි . බිලියනයකින් පංගුවක් පමණ ඉතා ම අවම හැකියාවක් පමණක් ඇති නිසා ප්‍රෝටීනය කිසි ලෙසකත් ඉබේ නිර්මාණය වීමට නොහැකි බව ඔවුන් පෙන්වා දෙනවා . ඔවුන් ගෙන එන ඊට අදාළ ම වූ තවත් තර්කයක් වන්නේ නිවැරදි ප්‍රෝටීනයක් නිර්මාණය වීමට ඇති අවම හැකියාව තුළ..., නිර්මාණය විය හැකි හැකි වැරදි ප්‍රෝටීන බිලියන ගණනක් ඇති නිසා මුළු ලොව ම එකී වැරදි ප්‍රෝටීන වලින් පිරී ඉතිරී යා හැකි බවයි . උදාහරණයකට අපි පාන් නිෂ්පාදනය කරන බේකරියක් ගනිමු. විකිණිය හැකි , නිවැරදි , රාත්තලක පාන් ගෙඩියක් නිර්මාණය කිරීමේ හැකියාව දහසකින් එකක් නම් , නිවැරදි පාන් ගෙඩියක් විකිණීමේදී , නිවැරදි නොවන පාන් ගෙඩි නවසිය අනූ නමයක් බේකරියේ පසෙක ගොඩ ගැසීමට සිදු වන බව මෙ කී තර්කයෙන් පෙන්වා දෙනවා .
නමුත් වැදගත් කාරණය වන්නේ නිවැරදි පාන් ගෙඩියක් නිර්මාණය කිරීමේ හැකියාව දහසකින් පංගුවක් වුවද ඒ සඳහා පාන් ගෙඩි දහසක් ම නිර්මාණය කළ යුතු නොවන බවයි . නිර්මාණය කරන ලදපළවෙනි පාන් ගෙඩියම හරියටම රාත්තලක පාන් ගෙඩියක් වීමට ද සම්භාවිතාවක් පවතින බව පිළිගත යුතුයි .

විද්‍යාවේ අද පවතින දැනුමට අනුව විස්තර කළ නොහැකි කරුණු පිළිබඳව කිතු දහම මෙසේ තර්ක කරද්දී , දේව වාදය සාධාරණීයකරණය කිරීම සඳහා කිතු දහම ගෙන එනු ලබන සාධක මොනවා දැ යි අපි දැන් බලමු .
ජීවය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නම් පළමුවෙන් ම නිර්මාණය කරන ලද ජීවය කුමක්ද . එය බයිබලයේ සඳහන් පරිදි ආදම් ද නැතිනම් ඔහුට පෙර නිර්මාණය කරන ලද සතුන් ද එසේත් නැතිනම් ඔවුන්ට ද කලින් නිර්මාණය කරන ලද ශාක ද කියා විමසා බැලිය යුතුය. මක් නිසාද යත් ශාක සෛල පවා ජීවී බව ක්‍රිස්තු භක්තිකයන් ද පිළි ගනු ලබන සත්‍යයක් .
තවත් ගැඹුරට කල්පනා කිරීමේ දී එකී නිර්මාණයට ද පළමුව බැක්ටීරියාවන් නිර්මාණය කරන ලද බවට පිළිගැනීමට සිදුවෙනවා . එ පමණක් නො ව වෛරස ද දෙවියන් වහන්සේ ගේ ම නිර්මාණයක් විය යුතුයි. අද අප දන්නවා වෛරස යනු ජීවී ලක්ෂණ ද අජීවී ලක්ෂණ ද පෙන්නුම් කරන්න අවස්ථාවක් බව . ජෛව පරිනාමයේ මුල් අවස්ථාවට වෛරසය ඉතාම හොඳ උදාහරණයක්. නමුත් වෛරසය දේව නිර්මාණයක් නම්, දෙවියන් වහන්සේ ද ලෝකය නිර්මාණය කිරීමේදී පරිණාමයේ සුපිළිවෙළ ම ඇසුරු කරගෙන ඇති බව පෙනී යනව නේද .

රූපවාහිනිය උදාහරණයකට ගතහොත් , අපි දන්නවා ආරම්භයේ පැවැති රූපවාහිනියේ සිට අද පවතින රූපවාහිනිය දක්වා ආ ගමන් මග. අද පවතින නවීන රූපවාහිනිය ආරම්භයේ දී ම නිර්මාණය කිරීමට නොහැකි වූයේ ඇයි. හේතුව නම් එදා සහ අද පවතින තාක්ෂණයේ වෙනසයි . නමුත් දෙවියන් වහන්සේට ඒ වැනි තාක්ෂණික වෙනසක් බලපෑවේ නැති බැවින් වෛරසයෙ සිට අදම් දක්වා ජීවීන් පිළිවෙලින් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වූයේ ඇයි ද යන්නට පිළිතුරක් අවශ්‍යයි .
තවත් කාරණයක් වන්නේ බැක්ටීරියා සෛල සහ මිනිස් සෛල අතර පවතින වෙනස් කම් වලට වඩා පවතින්නේ , සමාන කම් බවයි. මිනිසා සහ වානරයා අතර පවතින භෞතික වෙනස්කම් ඉතා අල්ප ය . එසේ නම් අදම් නැමති පුද්ගලයා නිර්මානයේදී දෙවියන් වහන්සේ කලින් නිර්මාණය කරන ලද සතුන් සඳහා භාවිතා කළ ක්‍රමවේදය ම යොදා ගෙන ඇති බව පෙනේ . මිනිසා අන් සතුන්ට වඩා මිනිසා උසස් නම් සතුන් නිර්මාණයට යොදා ගත් තාක්ෂණය ම මිනිසා සඳහා ද යොදා ගැනීම කොතරම් සදාචාරාත්මක ද ?
සියල්ල නිර්මාණයෙන් පසු ඒ දෙස බලා දෙවියන් වහන්සේ තෘප්තිමත් වූ බව බයිබලයේ සඳහන් වෙනවා . නමුත් මිනිසා යනු ඉතාම හොඳ ම නිර්මාණය යැයි අපට කිව හැකි ද ?
උදාහරණයකට මෞත්‍ර ලිංගික පද්ධතිය ගැන සිතා බලන්න. මිනිසා දෙවියන් වහන්සේ ගේ නිර්මාණයක් නම් , මුත්‍රා කිරීම සඳහා ද, ලිංගික කාර්යය සඳහා, සිය වර්ගයා බිහි කිරීම සඳහා ද එක ම අවයවයක් යොදා ගැනීම සාර්ථක නිර්මාණයක් ලෙස පිළිගත හැකි ද

No comments:
Post a Comment