4/30/2019

ශ්‍රී ලංකාවේ බුර්කාව තහනම් කරයි Sri Lanka bans face veils after attacks by Islamist 

Posted by thirdeyelk with No comments

ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් මුස්ලිම් කාන්තාව අදිනු ලබන බුර්කාව භාවිතා කිරිම අද දින සිට තහනම් කර ඇත. මෙම තීරණයට හේතු වී ඇත්තේ මෑතක දී ශ්‍රී ලංකාවේ ඇති වූ ඉතා කනගාටුදායක සිදුවීම් වලින් අනතුරු ව පුද්ගල අනන්‍යතාව ය ආවරණය කිරීම  රටේ ආරක්ෂාවට තර්ජනයක් වන නිසා බව පැහැදිලි ය . එහි විවාදයක් නොමැත

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වලට රට වැසියා හිස නැමිය යුතු ය . ඒ අනුව සිය සංස්කෘතිකමය අංගයක් වූ මුහුණ, බාහිර පුද්ගලයන් ගෙන් ආවරණය කර තබා ගැනීම නතර කිරීමට මුස්ලිම් කාන්තාව හෙට දින සිට සූදානම් විය යුතුය .

මෙය බහුතර මුස්ලිම් කාන්තාවට සිදු වන යම් අපහසු තාවයකි . ඒ නිසා මේ කි නීතිය වෙනස් කළ යුතු යැයි මින් අදහස් නොකරමි .  නමුත් මුස්ලිම් කාන්තාව රටේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන එකී පියවර අපි අගය කළ යුතු නොවේද .

අනික් කාරණය ඇයට මෙම පියවර ගැනීමට හේතු වී ඇත්තේ ඇගේ වරදක් නිසා නො වේ . එය හුදෙක් ඇගේ බුරුකාව වෙනත් අයෙක්  අවභාවිත කළ නිසාවෙනි . එය ද කනගාටුවට කරුණක් වෙයි .

මෙම නීතිය පැන වීම නිසා සමාජ ජාලා වල උද්දාමයට පත්වන්නන් දක්වන අදහස්වලින්  පෙනී යන්නේ ඔවුන් සතුටු වන්නේ රටේ  ආරක්ෂාව ගැනම සිතා නො වන බවයි . උඹලගෙ සංස්කෘතිය  තුළ, අපේ සංස්කෘතිය නුරුස්සන අංගයක් කඩා දැමීමට,  අපට හැකි වූවා යන උද්දාමය ඉන් ගම්‍ය වේ.

තව ද සමාජ ජාලා වල සඳහන් වූ කරුණක් වූයේ පිට රට මුස්ලිම් තරුණියන් නිදහසේ සිටින ආකාරය පෙන්වා , අප රටේ මුස්ලිම් තරුණියන් එසේ නො සිතමින් පාපයක් ගෙවන බව ය . යම් ප්‍රකාශයක් නිවැරදි වීමට නම් එය සියල්ලට ම පොදුවේ වලංගු විය යුතුය . එසේ බලන විට ථෙරවාදී භික්ෂූන් ද මහායාන භික්ෂූන් ලෙස  කටයුතු කිරීමේ වරදක් නැත . නමුත් එය  බෞද්ධ අපි පිළි නොගනිමු .

පසු ගිය දින මරා ගෙන මැරුණු එකී ත්‍රස්තවාදීන්ට අවබෝධ කරගත නො හැකි වූ යමක් ඇත . එ නම්  මරා දමන මෙම පුද්ගලයන් එම ත්‍රස්තවාදියාට කිසිදු පුද්ගලික හානියක් නො කළ අහිංසක මිනිසුන් බවය . ඔවුන් කළේ සියලුම ක්‍රිස්තු භක්තිකයින් එකට ලඝු කර සැලකීමයි .

එසේ නම් එම ත්‍රස්තවාදී පිරිස අයත් වු මුස්ලිම් ප්‍රජාව ද  ත්‍රස්තවාදීි සතුරන්  ලෙස එකට ලඝු කර සැලකීමට යමෙක් පෙළඹෙන්නේ නම් ඔහු සහ ඉහත කී ත්‍රස්තවාදියා අතර වෙනසක් තිබේ ද ?

හැගීම් - දැනීම්

0 ප්‍රතිචාර:

Post a Comment