6/16/2019

මැල්කම් රංජිත් කාදිනල් තුමා වීරයෙකු වී මංගල සමරවීර දුෂ්ටයෙකු වීම

පසුගිය දා සිදු වූ විනාශකාරී අත්දැකීමට අනතුරුව මැල්කම් රංජිත් කාදිනල් හිමි පාණෝ සිංහල බහුතරය අතර වීරයෙක් වී ඇත . ඒ අතර වාරයේම මංගල සමරවීර අමාත්‍යවරයා සිංහල යා ඉදිරියේ දුෂ්ටයකු වී ඇති බවද නොකිවමනාය .
මෙහි වැදගත් කාරණාව කාදිනල් තුමා වීරයෙකු වීමටත් මංගල සමරවීර  දුෂ්ටයකු වීමටත් හේතු වූ කාරණාව යි .
පළමුවෙන් කාදිනල් තුමා ගැන සලකා බලමු . ලංකාව බෞද්ධ රටක් ය බෞද්ධයා කිතුනුවන් ගේ වැඩිමහල් සහෝදරයාය ආදී කරුණු පැවසීම නිසා එතුමා සිංහලයා අතර පිළිගැනීමට ලක් විය . නමුත් වඩා වැදගත් වන්නේ එතුමා ගේ ප්‍රකාශය සිංහල බෞද්ධයන්ට හිත කර ප්‍රකාශයක් වීම නිසා එතුමා ජනප්‍රසාදයට පත් වූවා ද නැති නම් මගේ ප්‍රකාශය නිවැරදි වීම නිසා එ තුමා අගය කිරීමට ලක් වූවා ද යන්න යි .
යම් පුද්ගලයෙක් හෝ පුද්ගල ප්‍රකාශයක් විනිශ්චය කළ යුත්තේ එම ප්‍රකාශයේ නිවැරදි භාවය ඒ මත මිස එම ප්‍රකාශය අපට හිතකර ද අහිතකර ද යන තත්ත්වය මත නොවේ .  අපට හිතෛෂී නොවන කිසියම් ප්‍රකාශයක් විදෙස් රටකින් කරන ලද සෑම අවස්ථාවකදීම ,එහි පවතින නිවැරදිතාවය සලකා නොබලා එය ප්‍රතික්ෂේප කිරීම අද වන තුරුත් සිදුවී ඇත .
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරියේ දමිල  ඩයස්පෝරාව  විසින් කරල ද උද්ඝෝෂණයකදී  හමුදා නිලධාරියා විසින් කරන ලද හස්ත සංඥාව ඔබට මතක ඇතැයි සිතමි . එංගලන්තයේ නීති අනුව සාමකාමී උද්ඝෝෂණය වරදක් නො වේ . නමුත් එය කොටි ඩයස්පෝරාව වීම නිසා එය අපට වරදක් විය . හමුදා නිලධාරියකු පොදු ස්ථානයක දී ජනතාවට ගෙළ සිඳ ලීම  සංඥාවකින් පෙන්නුම් කිරීම කිසිදු නීතියකින් ඉඩ දෙන්නක් නොවේ . නමුත් ඔහු සිංහල අපට  වීරයෙක් විය.
මින් පෙනී යන්නේ අපි විසින් යම් සිදුවීමක් අර්ථ දක්වන්නේ එය  අපිට බලපාන්නේ කුමන ආකාරයෙන් ද  යන්න මත බවයි. නමුත් ඒ ශිෂ්ට සමාජය පිළිගත් ක්‍රමය නොවේ . මක් නිසා ද යත් , අනෙක් පාර්ශවය ද ඔවුනට වාසි සහගත ලෙස සිතීම වැළැක්විය නොහැකි බැවිනි .

6/09/2019

බෞද්ධයකු ලෙස ඔබ රැස් කරගන්න සියලුම කුසල් ඔබ සතු ද

බෞද්ධයකු ලෙස කුසල් රැස් කරන ඔබ , එම කුසල්  සියල්ල ඔබ සතු යැයි සිතා සිටිනවා වුවද , එය එසේ නොවන බව  බෞද්ධ ධර්මය තුළින් ම පෙන්වා දීමට මෙම ලිපිය ලියමි.
අපි සිතමු ඔබ රැකියාවට යන විට හමු වන  සිඟන්නෙක් බඩගින්නට යමක් ඉල්ලුවා කියා . ඔහු ගැන කණගාටුවන ඔබ දිවා ආහාරය සඳහා ඔබ ගෙන යන බත් පත ඔහුට පිළිගන්වයි. ඔහු බත් පත අනුභව කර ඔහුගේ කුසගින්න නිවා ගනී  . මෙය ඉතා පැහැදිලි කුසල කර්මයක් බවට  විවාදයක් නැත.
නමුත්  සිඟන්නා බත්පත තව යමෙකු ට විකුණා ලැබෙන මුදල් වලින් මත් ද්‍රව්‍ය පානය කලොත් ඔබ, ඉහත සඳහන්  කුසල කර්මයට ම හිමි කම් ලබනවා ද?
බහුතර මතය වන්නේ කුසලය තීරණය වන්නේ සිඟන්නා ඉන් අනතුරුව සිදු කරන දේ මත නොව , බත් පත දීමේදී ඔබ සිත තුළ ඇති වන යහපත් චේතනාව මත බව යි .
ගවයකු නිදහස් කිරීම , දිළිඳු අයෙකුගේ  ශල්‍ය කර්මයකට ආධාර කිරීම , පුණ්‍යායතනයක් අලුත් වැඩියාවට අමුද්‍රව්‍ය සැපයීම ,  ආදී මෙකී නොකී සියලුම  පුන්‍ය ක්‍රියාකාරකම් වලදී , ඔබ රැ ස් කර  ගන්නා කුසල්  සම්බන්ධයෙන් මේ තත්ත්වය  වැදගත් වේ .