පසුගිය දා සිදු වූ විනාශකාරී අත්දැකීමට අනතුරුව මැල්කම් රංජිත් කාදිනල් හිමි පාණෝ සිංහල බහුතරය අතර වීරයෙක් වී ඇත . ඒ අතර වාරයේම මංගල සමරවීර අමාත්‍යවරයා සිංහල යා ඉදිරියේ දුෂ්ටයකු වී ඇති බවද නොකිවමනාය .
මෙහි වැදගත් කාරණාව කාදිනල් තුමා වීරයෙකු වීමටත් මංගල සමරවීර දුෂ්ටයකු වීමටත් හේතු වූ කාරණාව යි .
පළමුවෙන් කාදිනල් තුමා ගැන සලකා බලමු . ලංකාව බෞද්ධ රටක් ය බෞද්ධයා කිතුනුවන් ගේ වැඩිමහල් සහෝදරයාය ආදී කරුණු පැවසීම නිසා එතුමා සිංහලයා අතර පිළිගැනීමට ලක් විය . නමුත් වඩා වැදගත් වන්නේ එතුමා ගේ ප්‍රකාශය සිංහල බෞද්ධයන්ට හිත කර ප්‍රකාශයක් වීම නිසා එතුමා ජනප්‍රසාදයට පත් වූවා ද නැති නම් මගේ ප්‍රකාශය නිවැරදි වීම නිසා එ තුමා අගය කිරීමට ලක් වූවා ද යන්න යි .
යම් පුද්ගලයෙක් හෝ පුද්ගල ප්‍රකාශයක් විනිශ්චය කළ යුත්තේ එම ප්‍රකාශයේ නිවැරදි භාවය ඒ මත මිස එම ප්‍රකාශය අපට හිතකර ද අහිතකර ද යන තත්ත්වය මත නොවේ . අපට හිතෛෂී නොවන කිසියම් ප්‍රකාශයක් විදෙස් රටකින් කරන ලද සෑම අවස්ථාවකදීම ,එහි පවතින නිවැරදිතාවය සලකා නොබලා එය ප්‍රතික්ෂේප කිරීම අද වන තුරුත් සිදුවී ඇත .
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරියේ දමිල ඩයස්පෝරාව විසින් කරල ද උද්ඝෝෂණයකදී හමුදා නිලධාරියා විසින් කරන ලද හස්ත සංඥාව ඔබට මතක ඇතැයි සිතමි . එංගලන්තයේ නීති අනුව සාමකාමී උද්ඝෝෂණය වරදක් නො වේ . නමුත් එය කොටි ඩයස්පෝරාව වීම නිසා එය අපට වරදක් විය . හමුදා නිලධාරියකු පොදු ස්ථානයක දී ජනතාවට ගෙළ සිඳ ලීම සංඥාවකින් පෙන්නුම් කිරීම කිසිදු නීතියකින් ඉඩ දෙන්නක් නොවේ . නමුත් ඔහු සිංහල අපට වීරයෙක් විය.
මින් පෙනී යන්නේ අපි විසින් යම් සිදුවීමක් අර්ථ දක්වන්නේ එය අපිට බලපාන්නේ කුමන ආකාරයෙන් ද යන්න මත බවයි. නමුත් ඒ ශිෂ්ට සමාජය පිළිගත් ක්‍රමය නොවේ . මක් නිසා ද යත් , අනෙක් පාර්ශවය ද ඔවුනට වාසි සහගත ලෙස සිතීම වැළැක්විය නොහැකි බැවිනි .
එසේ නම් මැරකම් රංජිත් තුමා ද සිහි තබා ගත යුතු කරුණක් වන්නේ , අද ඔබතුමා වීරයෙක් වූයේ ඔබ කරන ලද ප්‍රකාශය තුල ඇති හරය මත නොව ,එය සිංහල ජනතාව ට හුදෙක් පක්ෂපාතී වීම මත බවයි .
**************************
මංගල සමරවීර අමාත්‍ය වරයා පවසන ලද්දේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ගේ රටක් නො ව ශ්‍රී ලාංකිකයින් ගේ රටක් බවයි . ඒ ඔහුගේ එම ප්‍රකාශයෙන් අනතුරුව මේ මොහොත දක්වා ඔහු උපුටා දක්වන ලද සියලුම පුවත්, හිතා මතාම , "සිංහල බෞද්ධයන් ගේ" යන වචනය ව්‍යවහාර කරන ලද්දේ "සිංහල බෞද්ධ" ලෙස බව අමතක නොකළ යුතු ය .
**************************
මංගල සමරවීර අමාත්‍ය වරයා පවසන ලද්දේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ගේ රටක් නො ව ශ්‍රී ලාංකිකයින් ගේ රටක් බවයි . ඒ ඔහුගේ එම ප්‍රකාශයෙන් අනතුරුව මේ මොහොත දක්වා ඔහු උපුටා දක්වන ලද සියලුම පුවත්, හිතා මතාම , "සිංහල බෞද්ධයන් ගේ" යන වචනය ව්‍යවහාර කරන ලද්දේ "සිංහල බෞද්ධ" ලෙස බව අමතක නොකළ යුතු ය .
බෞද්ධ රටක් සහ බෞද්ධයන්ගේ රටක් යන්නෙහි හරයාත්මක වෙනසක් පවතී.
ව්‍යාපාර ස්ථානයක් මුස්ලිම් කඩයක් යන්නේ ට වඩා මුස්ලිම් වරුන්ගෙ කඩයක් ලෙස නම් කළොත් මෙයින් හැඟී යන්නේ එම කඩය මුස්ලිම් වරුන් ට පමණක් භාවිතා කළ හැකි කඩයක් බව යි.
ව්‍යාපාර ස්ථානයක් මුස්ලිම් කඩයක් යන්නේ ට වඩා මුස්ලිම් වරුන්ගෙ කඩයක් ලෙස නම් කළොත් මෙයින් හැඟී යන්නේ එම කඩය මුස්ලිම් වරුන් ට පමණක් භාවිතා කළ හැකි කඩයක් බව යි.
උදාහරණ අවශ්‍ය නැත . බෞද්ධයන් ගේ යන වචනයෙ "ගේ" යන්න ඉවත් කිරීම තුළම , මෙම වචන දෙක අතර පැහැදිලි වෙනසක් පවතින බව එය විවේචනය කරන අය විසින් පිළිගෙන හමාරය. සිංහල බෞද්ධයන් ගේ යන පදනම මත මංගල සමරවීර ගේ ප්‍රකාශය විවේචනය කිරීමට හැකියාව තිබිනි නම් , ඔවුන් කිසි ලෙසකවත් එය විකෘති කරන්නේ නැත
රංජන් රාමනායක මහතා ද මේ සඳහා කදිම උදාහරණයක් ගෙන දක්වා තිබිණි . එ නම් සීනි මිශ්‍ර දොඩම් වීදුරුවක්, දොඩම් වීදුරුවක් ලෙස නම් කරනවා විනා සීනි වීදුරුවක් ලෙස නම් නොකරන බවයි . නමුත් මතක තබා ගත යුතු කරුණක් නම් සිංහල දොඩම් ගෙඩියක් නම් අනෙකුත් සුළු ජාතීන් අඹ ආදී වෙනත් පලතුරු වල සම කරනවා විනා සීනි වලට සම කළ නොහැකි බවයි . අඹ සහ දොඩම් මිශ්‍ර බීම වීදුරු වකට දොඩම් වීදුරුවක් යයි කීම නිවැරදි ද යන්න සිතා බැලිය යුතු ය
මංගල සමරවීර අමාත්‍යවරයාට තම ඡන්ද පදනම රැක ගැනීමට අවශ්‍යතාවය තිබුණේ නම් ඔහුට පැහැදිලි ලෙස ම විමල් වීරවංශ ලෙස ප්‍රකාශ නිකුත් කර සිංහල බහුතරයගෙ ඡන්දය ලබා ගැනීමට ඉඩ තිබුණි . එම අවස්ථාව නැති කර ගනිමින් , තමා විශ්වාස කරන යම් සත්‍යයක් ප්‍රකාශ කිරීමට ශක්තිය තිබීම , මා සිතන පරිදි අගය කළ යුත්තකි .
අනෙක් අතට , සිංහල අපට යමක් ස්වාධීන විනිශ්චය කිරීමේ නොහැකියාව යන ලක්ෂණ ය සමග ගත් කල මංගල සමරවීර දුෂ්ටයකු බවට පත් වූයේ ඔහුගේ ප්‍රකාශය තුල ඇති වැරදි හෝ නිවැරදි තත්ත්වය මත නිසා නො ව , එය සිංහල බෞද්ධ ජනතාවට හුදෙක් හිතකර නො වූ බැවින් බව පිළිගැනීමට සිදු වේ .
ඊට සාක්ෂි සපයන කරුණක් ද මෑතකදී සිදු විය. එ නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය අවශ්‍ය වන්නේ හිට්ලර් වැනි පාලකයකු බව , එක ස්වාමීන් වහන්සේ නමක් විසින් ප්‍රකාශ කළ සේක. එයට විවේචන ඉදිරිපත් වන විට , මංගල සමරවීර දුෂ්ටයෙකු කරන ලද සමාජය විසින් පවසන ලද්දේ කුමක්ද යන්න මෙනෙහි කර බලන්න .
ඔවුන් පුන පුනා පවසන ලද්දේ ස්වාමීන් වහන්සේත් කරන ලද ප්‍රකාශයේ වචන වල තේරුම් මත එල්ලී නොසිට , එතුමන් ඉන් අදහස් කළේ කුමක් ද යන්න සිතා බැලිය යුතු බවයි .
මේ අනුව නැවත නැවතත් පෙනී යන්නේ සිංහල අපට යම් සිදුවීමක් හෝ ප්‍රකාශයක් , අපක්ෂපාතී ව නිරීක්ෂණය කොට , ස්වාධීන විනිශ්චය ට භාජනය කළ නොහැකි බව නොවේ ද .
No comments:
Post a Comment