8/04/2019

ෂාපි ෂිහාබ්දීන් ලාංකීය මව් වරුන් වඳ භාවයට පත් කිරීමේ චෝදනාවෙන් නිදහස් කළ යුත්තේ ඇයි Complainants Against Dr Shafi Shihabdin. Can it be proved?

Posted by thirdeyelk with No comments

ෂාපි වෛද්‍යවරයා ශ්‍රී ලාංකික මව්වරු දහසක් දෙනා හිතාමතා වඳ භාවයට පත් කිරීම පිළිබඳ මාතෘකාව පළමුවෙන් ම  කරළියට පැමිණෙන්නේ දිවයින  පුවත් පතේ පළ වූ ප්‍රවෘත්තියකි නි.

අනතුරුව එය ලැව් ගින්නක් සේ රටපුරා ව්‍යාප්ත වූ පුවතක්  බවට පත් වූ අතර බහුතර මතය වූයේ ෂාපි  වෛද්‍යවරයා  හිතාමතාම මව්වරුන් වඳ  කළ බවයි. එය  එසේ ම වූවාදැයි සැකයෙන් බලන කොටසක් සහ  එය පිලි නොගන්නා කොටසක් ද සමාජයේ  සිටින බව අප  අමතක කළ යුතු නොවේ .

මෙහි සැලකිල්ලට ගත යුතු කාරණය නම් මෙම ප්‍රවෘත්තිය පිළි ගන්නා බහුතරය සේම එය ප්‍රතික්ෂේප කරන සුළුතරය යන දෙකොට්ඨාශයම එකට ගත් කලද, ඉන් සීයට අනූ නාමයක් ම දෙනා කිසියම් හෝ  පූර්ව නිගමනයකට පැමිණ ඇත්තේ ,මෙම පරීක්ෂණයට සෘජුව සම්බන්ධ වී නොව ,ඒ හා සම්බන්ධ ප්‍රවෘත්ති සහ සමාජ ජාල මත පදනම් වී බවයි .

එකී පදනම මත සිට මේ දෙස බලන තවත් එක් පුද්ගලයකු ලෙස  මම අයත් වන්නේ  , ෂාපි  වෛද්‍යවරයා සිංහල මව්වරුන් වඳ භාවයට පත් කරනු පිණිස හිතා මතා ඔවුන් ගේ පැලෝපීය නාලවලට හානි සිදු කළ බව නො පිළිගන්නා කොට්ඨාශය ට බව පළමුවෙන් කිව යුතු ය .

එයට  ගීත  මූලික හේතුව  මෙකි   , කවදාවත් දැක නැති සහ අසා නැති ෂාපි  නැමති වෛද්‍යවරයා පිලිබඳ ව ඇති වූ  අබ මල් රේණුවක හෝ විශ්වාසයකින් නොව, එම චෝදනාවන්  ගෙන එන පාර්ශවය විසින් යොදා ගනු  ලබන තර්කයන් සහ සාක්ෂි වල ඇති පක්ෂග්‍රාහී සහ  පදනම් විරහිත ලක්ෂණයන් නිසාම ය.
ෂාපි  වෛද්‍යවරයාට විරුද්ධව සහ ඔහු කළා යයි කියනු ලබන   ජන සංහාරයට පක්ෂව ඉදිරිපත් වූ චෝදනා මොනවා ද , ඒවා බලවත් නො වන්නේ ඇයි ද යන්න මොහොතකට සලකා බලමු .

1. ෂාපි වෛද්‍යවරයා  මුස්ලිම් ජාතිකයෙකු වීම සහ මෑතක දී සිදු වූ බෝම්බ පිපිරීමට මුස්ලිම් කීප දෙනෙක් සම්බන්ධ වීම  - මෙය කිසිලෙසකවත් ෂාපි   වෛද්‍යවරයාට විරුද්ධව ගෙන ආ හැකි තර්කයක් නොවේ . මක් නිසාද යත් ලංකාවේ සිටින ලබන එකම මුස්ලිම් ජාතික මාතෘ වෛද්‍යවරයා ෂාපි වෛද්‍යවරයා  නොවන බැවිනි  .

2. ෂාපි  වෛද්‍යවරයා ගේ ගිණුම් වල අති විශාල ධනස්කන්ධයක් රැස්ව තිබීම  - මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර නැති නම් මේ සඳහාද ශල්‍ය වෛද්‍ය වරයාට විරුද්දව කටයුතු කළ නොහැක .  තවද  මෙරටේ සිටින අනෙකුත් විශේෂඥ වෛද්යවරුන් සතු මුදල් ප්‍රමාණයන්ද කොතෙක් දැයි අපි නො දනිමු .

ෂාපි වෛද්‍ය වරයාගේ ගිනුම් වලට ඒ ඒ  දිනවලට බැර වූ මිලියන ගණන් මුදල් ප්‍රමාණයන් පිළිබඳ වාර්තාවක් මෑතකදී දැක්විනි. ගිණුමකට මුදල් මිලියන ගණනින් බැර වීම නීතිය  ඉදිරියේ වරදක් නොවේ . මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වරු , සත්‍ය වශයෙන්ම නීතිඥවරුන් නම් ,සිදු කළ යුත්තේ එම  මුදල් පැමිණියේ කොහෙන්ද සහ එය  ජන සංහාරයකට  අනුබල දෙන්නේ  කෙසේද යන්න අධිකරණය ඉදිරියේ පෙන්වා දීමයි . එසේ නොමැති ව විත්ති  පාර්ශවය හුදෙක්,  මවු පදවියට අවමන් කරනවා යයි අධිකරණයේ දී පැවසීම  බොළඳ තර්කයක් නොවන්නේ ද .

3. ෂාපි  වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් දහස් ගණනක් සිදු කර තිබීම - මම විත්ති පාර්ශවයේ නීතිඥයකු  වූවා නම් , මෙහි දී අසනු ලබන එක ම ප්‍රශ්නය වන්නේ ,ලංකාවේ වෛද්‍යවරයෙකුට  කළ හැකි ඇයි පැවසෙන උපරිම සීසේරියන්   සත්කම් ප්‍රමාණය කුමක්ද යන්නයි .

4. ඇඳ ඉහපත මාරු කිරීම මගින් කිසියම් විෂමාචාරයක් කිරීමට උත්සාහ කර තිබිම  - වෛද්‍ය චර්යා  ධර්මවලට පටහැණි ව ක්‍රියා කිරීම යම් දුරකට වඳ භාවයට පත් කිරීමේ චෝදනාවට අදාළ ව යොදා ගත හැකි සාක්ෂියක්  වුවත් , එය ප්‍රබල සාක්ෂියක් වන්නේ නැත .

5. මව්වරුන්ගේ කැමැත්ත නොවිමසා එල් ආර් ටී නැමති  ,තව දුරටත් දරුවන් ලැබීම වළක්වන සැත්කම  සිදුකර තිබීම. - ඔප්පු කළ හැකි නම් මෙය ද ෂාපිට  විරුද්ධව  යොදා ගත හැකි තවත් කරුණක් බව සැබෑ ය .

නමුත් මෙය පිටු පස  වෙනත් හාස්‍යජනක කරුණ ද තිබේ . පුංචි පවුල රත්තරන්  යන සංකල්පය යටතේ පවුලක දරුවන් සංඛ්‍යාව සීමා කිරීම ට මව්වරු වන් උනන්දු කිරිමේ ක්‍රියාවලිය ලංකාවේ  ආරම්භ වුයේ දශක ගණනාවකට පෙර ය . දරුවන් දෙතුන් දෙනා බිහි කර තව දරුවෙක් බිහි කිරීමට රෝහල් ගතව  සිටින  සිංහල මව්වරුන්ට තරවටු ආකාරයෙන්  උපදෙස් දෙන සිංහල  හෙදියන් සහ  වින්නඹු මාතාවන් කොතෙකුත් සිට ඇති අතර   අදටත්  සිටි. ඔවුන් විසින්  එකී මව්වරුන් අවසානයේ  ගෙදර එවනු   ලබන්නේ එල් ආර් ටී  සැත්කම ද සිදු කිරීමෙන්  අනතුරුව බව  මාතෘ සයනාගාරයක අත්දැකීම්  ඇති ඕනෑම මවක් දන්නා ප්‍රසිද්ධ රහසකි .

6. ෂාපි වෛද්‍යවරයා මව්වරුන් වඳභාවයට පත් කිරීමේ චෝදනාව ට  එදිරිව  සාක්ෂි දෙනුවස් වැල  නොකැඩී පැමිණි  මව්වරුන් , සමහර පක්ෂග්‍රාහී මාධ්‍ය විසින් ගණනය කරනු ලැබුවේ ඔළුගෙඩි ගණනින්  විනා  සාක්ෂීන් හි ගුණාත්මක බවින් නො වේ .

එක් මවක් පවසුවේ පළමු දරුවා ගිය වසරේ බිහි වුවාට පසු දෙවැනි දරුවා මෙතෙක් බිහි නොවූ බවයි . තවත් පියතුමකු පවසන ලද්දේ , ඔව්න් දරුවන්  සිව් දෙනෙකු බිහි කිරීමට සුදානමින් සිටිය ද , පලමු දරුවගෙන් පසු තවමත් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවූ  බවයි . පවතින තත්ත්වයට ගැළපෙන පරිදි තව දරුවකු බිහි කිරීමට දරුවන් තුන් හතර දෙනා සිටින දෙමව්පියන් ද කල්පනා කිරීම සාමාන්‍ය කරුණක් වුව ද , පළමු දරුවා ලැබීමටත් පෙර සිටම  ,  දරුවන් හතර දෙනකු බිහි කිරීමට පූර්ව සැලසුම් කරන දෙමාපිය යුවලක් ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රාන්තිකයන්  අතර සිටී දැයි මට නම් සැක සහිතය .

දහසකට ආසන්න වූ ෂාපිට  විරුද්ධ දෙමාපිය චෝදනාවන්ගෙන් පිළිගත හැකි චෝදනා පැවතියේ එකසිය ගණනක් බව පසුව දැන ගන්නට ලැබිණි . ෂාපි  වෛද්‍යවරයාට එදිරිව කටයුතු කිරීම සඳහා අවශ්‍ය ප්‍රබල සාක්ෂි රැස් කරගනු වස් , තව දුරටත් වෛද්‍ය පරීක්ෂාවට ලක් කිරීම සඳහා එකී එකසිය ගණනක් වූ මව් වරුන්ට ලංකාවේ ප්‍රධාන රෝහල් දෙකකින් ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලදී . එකී පරීක්ෂණ සඳහා එකුදු මවක සහභාගී නොවූ අතර , ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා පවසන ලද්දේ  එකී පරීක්ෂණයන්ගෙන් තව දුරටත් මව්වරුන්ගේ පැලොපිය නාලවලට හානි සිදු විය හැකි බවයි .

මෙම දහසක් මව්වරුන්ගේ චෝදනාව වන්නේ ෂාපි වෛද්‍යවරයා  විසින් කරන ලද  සීසේරියන් සැත්කමට පසු ව තමනට දරුවන් නැවත බිහි නොවූ බවත් , ෂාපි  වෛද්‍යවරයා තමන්ගේ පැලෝපිය නාල වලට හානි සිදු කර ඇති බවට සැක කරන බවත්ය  .

මෙම කරුණ ඔප්පු කිරීමට හැකි නම් එමගින් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ රටට යහපත කි. අගතියට පත් මව් වරුන්ට ද යම් සහනයක් නීති ඉදිරියේ ලැබෙනු ඇත . අනාගතයේ හෝ මෙවැනි දෑ තව දුරටත් සිදු නොවීමට නීති සැකසීමට ද මෙය මූලික වනු ඇත . එසේ නම් මෙය ජාතික වැදගත්කමකින් යුතු කරුණක් වන්නේ ය .

දැනටමත් කිසියම්   ප්‍රමාණයක හො හානියක් සිය පැලෝපීය නාල වලට සිදුවී තිබිය හැකි  බවට එම මව්වරුන් සහ ඔවුන් ගේ නීතිඥයන් පිළි ගන්නා බව නොසලකා හැරිය නො හැකි ප්‍රබල කරුණකි.

එසේ නම් දැනටමත් පැලෝපීය නාලවලට හානි සිදුවී ඇති බවට පිළි ගනු ලබන  එක්  හෙළ මාතාවක් හෝ අදාල පරීක්ෂණයන්ට මුහුණ දී ෂාපි  වෛද්‍යවරයා සිදු කලා යැයි පැවසෙන එකී ජන සංහාරය ලොවට හෙලි කර ,  ඒ සඳහා කරනු  ලැබූ කැප වීම සම්බන්ධයෙන් ජාතියේ  ගෞරවයට පාත්‍ර නො වන්නේ ඇයි ද යන්න ගැටලුවක් නොවන්නේ ද ?