5/03/2020

පෘථිවිය මතට වැටුණු සඳ කැබැල්ලක් විකිණීමට තිබේ. ලන්සුව කෝටි 47යි! A piece of moon once fell on Earth, and now you can buy

වරක්  පෘථිවිය මතට සඳ කැබැල්ලක් වැටුණු අතර,  එම  කිලෝ ග්‍රෑම් 13.5 ක සඳ  පර්වතය    රුපියල් කෝටි 47 ක ට මිල  නියම වී තිබේ .

ජාත්‍යන්තර වෙන්දේසි මන්දිරයක් වන ක්‍රිස්ටි පුද්ගලික සමාගම , අලෙවිය සඳහා දැනට පවතින විශාලතම චන්ද්‍ර උල්කාපාත වලින් එකක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ.  එය ඇපලෝ වැඩසටහන මඟින් රැගෙන ආ  ඕනෑම සඳ පාෂාණයකට වඩා විශාල ක් වන අතර , මිනිසා සතු සඳෙහි පස්වන විශාලතම කොටසයි.

පෘථිවියේ දුර්ලභ ද්‍රව්‍ය අතර සඳ පාෂාණයද පවතින අතර මිනිසා සතු  චන්ද්‍ර උල්කාපාත මේ සියල්ල ම පවා  කිලෝග්‍රෑම් 650 කට වඩා අඩුය. ක්‍රිස්ටී පුද්ගලික විකුණුම්  සමාගම හරහා  ක්ෂණික මිලදී ගැනීම ට එම සඳ පාෂාණය දැන් සූදානම්  ව තබා ඇත .

ග්‍රහකයක් හෝ වල්ගා තරුවක්  සඳ මත ගැටීමෙන් චන්ද්‍ර  උල්කාපාත පෘථිවියට පැමිනෙයි .  සඳෙහි විශාල ආවාට සියල්ලම නිර්මාණය වූයේ එවැනි බලපෑම් මගිනි.  මෙම සුවිශේෂී උල්කාපාතය, බටහිර සහරාන්, ඇල්ජීරියානු සහ මොරිටේනියානු දේශසීමා හරහා විහිදුණු  විශාල උල්කාපාත වර්ෂාවක කොටසකි.  

මේ වන විට  විවිධ සඳ උල්කාපාත  30 ක් පමණ එකතු කර, විශ්ලේෂණය කර, වර්ගීකරණය කොට ඇත . ඒවා විවිධ අවස්ථා වලදී චන්ද්‍රයාගේ විවිධ කොටස් වලින් එන්නට ඇතැයි විශ්වාස කරන   නමුත් ඒවා සියල්ලම එකම අවස්ථාවකදී , චන්ද්‍ර මත  ඇති වූ ගැටුමකින්  ආරම්භ වූවක් බව තීරණය කර ඇත.  ඒ අනුව මෙම NWA 12691 සඳ කැබැල්ල , මීට වසර දෙකකට පෙර සහරා කාන්තාරයේදී හමු වුව කි.

“ක්‍රිස්ටිගේ චන්ද්‍ර උල්කාපාත කිහිපයක් හැසිරවීමට තරම් අපි  වාසනාවන්තයි, නමුත් ගබඩාව තුළ මෙම නිදර්ශකය දකින සෑම අවස්ථාවකම එහි විශාලත්වය මට දැනුනා .  කිලෝග්‍රෑම් 13.5 ට වඩා බරින් යුත් එය මීට පෙර වෙන්දේසි කර ඇති අන් සියල්ලටම වඩා විශාලයි . " ක්‍රිස්ටිගේ සමාගමේ  විද්‍යා හා ස්වාභාවික ඉතිහාස අංශයේ ප්‍රධානී ජේම්ස් හයිස්ලොප් පවසයි .

ඔහුට අනුව  "වෙනත් ලෝකයක කොටසක් ඔබේ අතේ තබා ගැනීමේ අත්දැකීම ඔබට කිසිදා අමතක නොවන දෙයකි. ”

අන්තර්ජාලය ඇසුරෙනි 
https://m-economictimes-com









No comments:

Post a Comment