5/05/2020

Google Apple නිරාවරණ දැනුම්දීම් App එක. Google Apple exposure notification system

අද, ඇපල් සහ ගූගල් ඔවුන්ගේ ස්වයංක්‍රීය නිරාවරණ දැනුම්දීම් පද්ධතිය පිළිබඳ වැඩි විස්තර බෙදාහදා ගත් අතර, එහි user interface අතුරුමුහුණත පිළිබඳවත් එය  අවසානයේ භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳවත්  තොරතුරු එළි දක්වන ලදී .

අප්‍රේල්  10 වන දින ප්‍රථම  වරට හඳුන්වා දුන් මෙම  ඇපල් සහ ගූගල් පද්ධතිය බ්ලූටූත් තාක්ෂණය හරහා  COVID-19 හි විභව අවස්ථා සොයා ගනී. මෙහි දී  පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය  නිරාවරණය වීම ආරක්ෂා කිරීම සඳහා encrypted  සංකේත ක්‍රම   භාවිතා කරයි .  මහජන සෞඛ්‍ය අර්බුදය අවසන් වූ වහාම මෙම පද්ධතිය අත්හිටුවීමට සමාගම් දෙකම ප්‍රතිඥා  දී තිබේ.

  මෙම පද්ධතිය  ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ ව  සහ භාවිතා කරන්නන් ගේ මනාප ය ලබා ගැනීම  සහතික කිරීමට සැලසුම් කරන ආකාරය පිළිබඳ , හඳුන්වා දී ඇති අතුරු මුහුණත මගින් අවබෝධයක් ලබා ගත හැක .  

 සමාගම් ද්විත්ව ය විසින්   ඊට අදාල කේතයන්  (ඇන්ඩ්‍රොයිඩ් සඳහා SDK සහ iOS සඳහා එක්ස්කෝඩ් මෙවලම් කට්ටලයක්) නිකුත් කර  ඇති අතර, මහජන සෞඛ්‍ය ආයතන විසින් ඇන්ඩ්‍රොයිඩ් සහ iphone  යෙදුම් සංවර්ධනය කිරිමේදී  , එම කේත “ආරම්භක භාවිතයන්  ” ලෙස සේවය කරනු ඇතැයි කණ්ඩායම අපේක්ෂා කරයි.  කෙසේ වෙතත්, නියෝජිතයින් පැහැදිලි කළේ කේතය කිසි විටෙකත් යෙදුමක් ලෙස භාවිතා   කිරීමට අදහස් නොකරන බවයි.

දැනටමත් සම්බන්ධ වී ඇති  රාජ්‍ය අංශයේ හවුල්කරුවන් නිශ්චිතව  නම් කිරීම සමාගම් විසින් ප්‍රතික්ෂේප කළ නමුත්, මෙම කාර්යය සඳහා  ස්මාර්ට් ෆෝන් වල බ්ලූටූත් පද්ධති ය සතු සුවිශේෂී මෙහෙයුම් හැකියාව  නිසාවෙන්  විවිධ රජයන් දැනටමත් ඔවුන්ගේ ආයතන හා අදහස් හුවමාරු කර ගනිමින් සිටින  බව පැවසීය.

රාජ්‍ය අංශයේ හවුල්කරුවන් විසින් මෙහි දී  අවධාරණයෙන් අපේක්ෂා  කරන නිශ්චිත මූලධර්ම හයක් ද සමාගම් විසින් ඉදිරිපත් කරන ලදී.  

වඩාත්ම වැදගත් දෙය නම්, යෙදුම් භාවිතා කළ හැක්කේ COVID-19 ප්‍රතිචාර දැක්වීමේ උත්සාහයන් සඳහා පමණි. එසේ ම GPS පාදක කර ගනිමින්  ස්ථාන නිශ්චිත කර ගැනීමේ  සේවා භාවිතා  සීමා කරනු ලැබේ. තව ද  ප්‍රවේශ වීමට සහ Covid 19 ධනාත්මක රෝග  විනිශ්චය හුවමාරු කර   ගැනීමට පෙර භාවිතා කරන්නාගේ  කැමැත්ත අවශ්‍ය වේ.  මෙම යෙදුම් Application සඳහා අපි දැනට දකින පරිදි   කිසිදු ආකාරයක ඉලක්කගත වෙළඳ දැන්වීම්  වලට ඔවුන් ඉඩ නොදේ.  ඉලක්කගත වෙළඳ දැන්වීම් හෝ ස්ථාන සේවා භාවිතා කරන දැනට පවතින ඕනෑම යෙදුම ක් වෙත පිවිසීමට පෙර එම පද්ධති අක්‍රිය ද කළ  යුතුය.

 අන්තර්ජාලය ඇසුරෙනි 

No comments:

Post a Comment