6/07/2020

ජාතිවාදයට විරෝධය පළ කරන ගමන්ම සම සුදු කිරීමේ ක්‍රිම් ප්‍රවර්ධනයේ යෙදෙන බොලිවුඩ් නළු නිළියන්



කළු ජාතික   ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු ජාතිවාදයට එරෙහිව පෝස්ට් කරන බොලිවුඩ් නළු නිළියන් ඒ හා සමගම  “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි” වැනි ඉන්දියානු සම ආලෝකකරණ ක්‍රීම් ප්‍රවර්ධනය කිරීම සඳහාද  පෙනී සිටීම,  මේ සතියේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ගේ විවේචනයට ලක් විය.

 නිළියක වන දිෂා පටානි පසුගිය සතියේ “සියලු වර්ණ ලස්සනයි” යනුවෙන් ග්‍රැෆික් එකක් ට්වීට් කළ විට, ට්විටර් භාවිතා කරන්නන් විසින්  සම සහ මුහුණ පැහැපත්  කර ගැනීම සඳහා වු නිෂ්පාදනයක් වන Pond's Fairness BB Cream  ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය පෙනී සිටීම විවේචනය කිරීමට පවා  ඉදිරි පත්  විය.

“ඔබ සත්‍ය ලෙස ම පෙනී සිටින්නේ සම පැහැපත් කරන  ක්‍රීම් වෙළඳාම සඳහායි, එ සේ නම්  ඔබ කියන්නේ තව තවත් සුදු වන්නට නේදැයි " අයෙක්  පිළිතුරු ලෙස ට්විට් කර තිබිණි.


ගාර්නියර් වෙළඳ නාමය යටතේ සම සුදු කරන බ්ලිචින් ක්‍රීම් වර්ගයක් සඳහා වෙළඳ දැන්වීම් පල කර ඇති ප්‍රියංකා චොප්රාද,  ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ , මිය ගිය  ෆ්ලොයිඩ්ට සහය පළ කිරීමට ගොස් එවැනිම පසුබෑමකට ලක්විය.

එක් පුද්ගලයෙක් ඇගේ සටහනට අදහස් දක්වා තිබුණේ 
“කණගාටුයි, නමුත් ඔබ කිසි විටෙකත් ඉන්දියානු මැර කල්ලි , කාශ්මීරයේ අගුලු දැමීම, ඔබ සමඟ වැඩ කළ හෝ වැඩ කරන   සමලිංගික නළු නිළියන් ආදී  විෂමාචාරයන්ට එරෙහිව කතා කළේ නැත” යනුවෙනි. 

ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම හිමි කම් කියන  මතභේදාත්මක රාජ්‍යයක් වන කාශ්මීරයේ ස්වයං පාලක තත්වය අහෝසි කිරීමේදී , චොප්රා ඉන්දීය රජයට සහ ත්‍රිවිධ හමුදාවට ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වීම නිසා පසුගිය වසරේදීද, චොප්රා දෝෂාරෝපණයට ලක් විය .   ගායිකාවක් සහ ගීත රචකයෙකු වන නික් ජොනාස් සමඟ ඇයගේ විවාහ මංගල්‍යයට ජාතිකවාදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කිරිමට ප්‍රියංකා චොප්රා  කටයුතු කර තිබිණි .

 සමට හානි කාරක යැයි සැලකෙන බ්ලීචින් ක්‍රීම්   සහ සමයේ වර්ණය මත විශේෂත්වයට සහ නොසැලකිල්ල ට ලක් වන  සංසිද්ධීන්  බොලිවුඩයට අලුත් දෙයක් නොවේ .  

මිලියන 92 කට ආසන්න සමාජ මාධ්‍ය අනුගාමිකයන් පිරිසක් සිටින ඉන්දීය සිනමා  කර්මාන්තයේ වඩාත් ජනප්‍රිය නළුවා වන ෂාරුක් ඛාන් පවා බහු ජාතික  සමාගම් සමඟ  එක්ව සම පැහැපත් කරන  කීම් ප්‍රවර්ධනය කරන වෙළඳ දැන්වීම් සඳහා දායකත්වය පළ කර  ඇත.
Source  NBC News
pic by twitter 

No comments:

Post a Comment